ඉන්දිය මන්ත්‍රීවරියක වන ජනප්‍රිය නිළි හේමා මාලිනී වටිනාකම ඉහළ රජයේ ඉඩමක් අඩු මුදලට ලබාගෙන ඇති බවට එරට සමාජ ක්‍රියාකාරිකයකු චෝදනා කරයි.
හේමා මාලිනී විසින් ආරම්භ කිරීමට නියමිත නර්තන විද්‍යාලයක් සදහා යෝජිත වර්ග මීටර් 2000ක මෙම ඉඩම වර්ග මීටරයක් රු. 87.50 බැගින් ලබා දී ඇතත් එහි වටිනාකම ලෙස 1976 තක්සේරුව වන්නේ වර්ග මීටරය රු. 350ක් බවයි. ලෝක් සභාවේ භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රිවරියක වන හේමා මාලිනි සිය දේශපාලන බලය අයුතු ලෙස භාවිත කරමින් මෙම ඉඩම මිලදී ගන්නට සැලසුම් කළේ වසර මුලදීමය. එහිදී කෝටි 70 පමණ වටිනාකමක් සහිත බව කියන මෙම නාගරික භූමියට මන්ත්‍රීවරිය විසින් ගෙවන්නට නියමිත මුලු ඉඩමේ ගාස්තුව වූයේ රු.70000ක් (වර්ග මීටරයකට රු.35ක්) පමණි. මූලික ගෙවීමක් ලෙස 1997දී ඇය දී තිබුණු රු.ලක්ෂ 10න් ලක්ෂ 8.75ක් නැවත ඇයට ගෙවන්නට නියමිත බව සොයාගත් අනිල් ගල්ඝාලි නමැති සමාජ ක්‍රියාකාරිකයා විසින් එම තත්වය හෙලිදරව් කිරිමෙන් පසුව ආන්දෝලනයක් ඇති විය. එම තත්වය මගහැරී ගිය පසුව වර්ග මීටරයට රු. 87.50ක් ගෙවූවද ඇය ඉඩමේ වටිනාකමින් 25 %ක් පමණක් නිසා එය ස්ථිර ලෙසම දේශපාලන බලය යොදාගත් වරප්‍රසාදයක් බව ගල්ඝාලි පෙන්වා දෙයි.
කෙසේවෙතත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන හේමා මාලිනී, නර්තන විද්‍යායතනයක් සදහා මෙම ඉඩම ලබාගන්නට හැකි වූයේ තමන් විසින් වසර 20ක් පමණ ගත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස බව කියා සිටී.


