සයිටම් සිසුන් ලියාපදිංචිය එපා – රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය කියයි.

saitam

සයිටම් සිසුන්ව රජයේ වෛද්‍යවරුන් ලෙස ලියා පදිංචි කිරීමට රජය උත්සාහ කළහොත් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය (GMOA) ඊට ඉඩනොදෙන බව ප්‍රකාශකර ඇත.

එසේ ලියාපදිංචි කිීරීමට කටයුතු කරන්නේනම් තම සංගමය වෛද්‍යවරැන්ගේ දීප ව්‍යාප්ත වර්ජනයක් දක්වා එය න්‍රියාත්මක කරන බව අද පැවැති මාධ්‍ය හමුවකදී පවසා ඇත.

අද දින පැවැති රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ (GMOA) වාර්ෂික සම්මේලනයෙන් සයවන වරටත් එහි සභාපති ලෙස වෛද්‍ය පාදෙනිය පත්ව ඇතැයි වාර්තාවේ. අද දින පැවැති වාර්ෂික සම්මේලනයෙන් පසුව මෙම පත්කර ගැනීම සිදුකර තිබේ.

වෛද්‍ය පාදෙනිය මීට පෙර අවස්ථා පහකදීම රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා (GMOA) ලෙස පත්ව තිබුනි.