ඊයේ එංගලන්තය හා ලංකාව අතර පවැති දෙවන එක්දින තරගයෙන් කඩුළු 10කින් ජයගැනීමට එංගලන්න කී‍්‍රඩකයෝ සමත්විය.
ඊයේ තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නිරතවූ ජේසන් රෝයි නොදැවී 112 සහ ඇලෙක්ස් හේල්ස් නොදැවී 133 ලබා ගැනීමට සමත්විය. ආරම්භක පිතිකරුවන් දෙදෙනා ශ්‍රී ලංකාවට එරෙහිව බර්මින්හැම්හිදී පැවැති දෙවැනි එක්දින තරගයෙන් එංගලන්ත පිලට කඩුලු 10 ක විශිෂ්ට ජයක් හිමිකර දීමට සමත් විය. ලකුණු 255 ක ඉලක්කය පසුකරයෑමට එංගලන්ත ආරම්භක ක්‍රීඩකයන් දෙදෙනා ගත කළේ පන්දුවාර 34.1 කි.
එංගලන්තය ඉනිම
ජේසන් රෝයි – නොදැවී 112, ඇලෙක්ස් හේල්ස් – නොදැවී 133 අතිරේක 11, එකතුව ඕවර 34.1 කදී කිසිවකු නොදැවී 256යි.
ශී‍්‍ර ලංකා ඉනිම සදහා පන්දුවාර 50 අවසානයේ ලබා ගැනීමට හැකිවූයේ කඩුඵ 7කට ලකුණු 254ක් පමණි.
ලකුණු 191 කට කඩුලු 7 ක් දැවී ඉතා අසීරු අවස්ථාවක අටවැනි කඩුල්ල සදහා පන්දු 56 කදී ලකුණු 63 ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩනැගීමට උපුල් තරංග සහ සුරාජ් රන්දීව් ශ්‍රී ලංකා පිල ඕවර 50 අවසානයේදී කඩුලු 7 කට ලකුණු 254 ක් ලබා ගැනීමට සමත් විය.
ශී‍්‍ර ලංකා ඉනිම
කුසල් පෙරේරා -37,ධනුෂ්ක ගුණතිලක – 22,කුසල් මෙන්ඩිස් – 0,දිනේෂ් චන්දිමාල් -52, ඇන්ජලෝ මැතිව්ස් -44, සීකුගේ ප්‍රසන්න -2, උපුල් තරංග – නොදැවී53, ෆර්වීස් මහරුෆ් – 2, සුරාජ් රංදීව් – නොදැවී 26, අතිරේක16, ඕවර 50 කදී කඩුලු 7ක් දැවී 254


