රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට‍්‍රර්ම්ගේ බලයට පැමිණීම වැළකීම පිණිස තමා ජනාධිපතිධූර අපේක්ෂක හිලරි ක්ලින්ටන්ට නොවැම්බර් මස 08 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී සහාය ලබදෙන බව බර්නී සැන්ඩර්ස් මාධ්‍ය වෙත පුකාශ කර ඇත.
ඩොනල්ඩ් ට‍්‍රර්ම්ගේ අන්ත දක්ශිණාංශික ප‍්‍රතිපත්තිවලට තමාගේ කිසිදු එකගතාවයක් නැති බවත් යම් හෙයකින් ඔහු ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කළහොත් එය එක්සත් ජනපදයේ වෙසෙන මුස්ලිම්වරුන්ට මෙන්ම මෙක්සිකානු හා ලතින් ඇමෙරිකානු ජාතිකයින්ට අත්වන කණගාටුදායක ඉරණමට තමා එකගනොවන බවද මෙහිදී බර්නී සැන්ඩර්ස් ප්‍රකාශ කර ඇත.
බර්නි සැන්ඩර්ස්ද මෙවර ජනාධිපතිවරණය සදහා ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයුකු ලෙස හිලරි ක්ලින්ට සමග ප්‍රබල තරගයක් දුනි. විශේෂයෙන් එරට තරණ ජනයා අතර ජනප්‍රිය පුද්ගලයකු ලෙස බර්නී සැන්ඩර්ස් සැලකේ.
එක්සත් ජනපදයේ සෙනෙටි මන්ත්‍රීවරයකු ලෙස තේරීපත්ව සිටින එහු තමන් සමාජවාදී අදහස් දරන්නතු ලෙස පෙනීසීටි.


