අද දින පැවැත්වෙන ලංකාව හා එංගලන්තය අතර තෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක ලංකාවට පන්දුවට පහර දෙන ලෙස ආරධනා කළේය. මේවන විට ලංකාව කඩුළු නමයක් දැවී පන්දුවාර 50ට ලකුණු 248ක් ලබා ගෙන සිටී.
ප්‍රථමයෙන් දැවී ගිය ක්‍රීඩකයාවන්නේ ආරම්භක පිතිකරු වන ධනුෂ්ක ගුණතිලකයි. ගුණතිලක එක් ලකුණක් ලබා සිටින විට විලීගේ පන්දුවක් කඩුල්ලේ වැදීම හේතුවෙන් දැවීගියේය. ඉන්පසුව කුසල් පෙරේරා ලකුණු 09 ක් ලබා සිටියදී දැවීගිය පසු තුන්වන කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 53 ක් ලබා සිටියදී ලබාදුන් උඩ පන්දුවක් හේතුවෙන් දැවීගියේය.
හතරවන කඩුල්ල වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 62ක් ලබා සිටියද ීඋඩ පන්දුවක් ලබාදීමෙන් දැවීගියි අතර පස්වන කඩුල්ල ලෙස ප්‍රසන්න දැවීගියේ ලකුණු 02ක් ලබා ගැනීමෙනි. හයවන කඩුල්ල ලෙස නායක ඇංජලෝ මැතිව්ස් ලකුණු 56 ක් ලබා ගෙන සිටියදී දැවී ගියේය.
උපුල් තරංග ලකුණු 40ක් හා ශානක ලකුණු 02, මහරුෆ් ලකුනු 09ක්ද, ලක්මාල් නොදැවී ලකුණු3ක්ද, ප‍්‍රදීප් ලකුණු 02ක්ද අතිරේක ලකුණු 09ක් සමග පන්දුවාර 50 අවසානයේදී ලකුණු 248ක් ලබා ගැනීමට සමත්විය.
එංගලන්ත කණ්ඩායම පිළිතුරු ලෙස එක් කඩුල්ලක් දැවී මේ වන විට ලකුණු 16ක් ලබා ගෙන ඇත. පළමු කඩුල්ල ලෙස ලකුණු නොලබා දැවීගියේ හේල්ස්ය. ඔහු චන්දිමාල් අතට උඩපන්දුවක් ලබාදීමෙන් දැවීගියේය.
වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන ලදී


