අන්තරේ උද්ඝෝෂණය පාගමන අද

inter

අන්තර් විශ්වවිද්‍යාල ශීෂ්‍ය බල මණ්ඩලය විසින් අද දින උද්ඝෝෂණය පාගමනක් කොළඹ නගරයේදී පවත්වන බව එම සංගමයේ කැඳවුම්කරු ලහිරු විජේසේකර පවසයි.

මෙම උද්ඝෝෂණ පාගමනේ තේමාව වන්නේ දැනට මතුව ඇති ශීෂ්‍ය මර්දන වැඩ පිළිවෙලත් පසුගියදා එච්.එන්.ඩී.ඒ. සිසුන්ට පහරදීමට විරෝධය පළ කිරීමත් අධ්‍යාපන පෞද්ගලීකරණය හා මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමට එරෙහිවත් පාසැල් තුල මුදල් අය කිරීම ඇතුළු අධ්‍යාපන කේෂ්ත්‍රයේ මතුව තිබෙන මූලික ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් මෙම උද්ඝෝෂණ ව්‍යපාරය අද දින පවත්වන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු විජේසේකර වැඩිදුරටත් පවසා ඇත.

දිවයිනේ සියලු විශ්ව විද්‍යාල නියෝජනය කරමින්  ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ විශාල පිරිසක්ගේ සහභාගීත්වයෙන් මෙම උද්ඝෝෂණ පාගමන ජයවර්ධනපුර සරසවිය අසලින්  ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.