2009 මැයි මාසයේ අවසන් කළ යුද්ධයේදී නීති විරෝධී පොකුරු බෝම්බ යොදා ගත් බවට සාධක හමුවී ඇතැයි බිම්බෝම්බ ඉවත්කිරීමේ කාර්යයේ යෙදී සිටින හේලෝ ට්‍රස්ට් (Halo Trust) කාර්ය මණ්ඩල සාමාජිකයකු විසින් විදෙස් ජනමාධ්‍ය වෙත පවසා ඇත.
ඒ අනුව, කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් සහ මුලතිව් දිස්ත්‍රික්කයෙන් මෙම බෝම්බ හමුවූ බව විදේශ ජනමාධ්‍ය කිහිපයක් විසින් දැනටමත් ප්‍රචාරය කර ඇත. හේලො ට්‍රස්ට් ආයතනයෙන් ලබාදී ඇති ඡායාරූපවලට අනුව ඒවා රුසියානු පොකුරු බෝම්බ ශේෂ සහ පුපුරා නොගිය පොකුරු උණ්ඩ බව හියුමන් රයිට්ස් වොච් මානව හිමිකම් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අවි පර්යේෂකයකු විසින් හඳුනාගෙන ඇති බව ලන්ඩනයේ පළවන ‘ගාඩියන්‘ පුවත්පත පවසයි.
අලි මංකඩ අසල පච්චිලෙයිපල්ලි ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින් 2011 සහ 2012 වසර වලදී පොකුරු බෝම්බ හතලිස් දෙකක් සොයා ගන්නා ලද බව හේලෝ ට්‍රස්ට් ආයතනය විසින් තහවුරු කර ඇත. ඒ අනුව සාමාන්‍ය පිළිවෙත පරිදි ඔවුන් විසින් සොයා ගනු ලබන සියලුම පුපුරන ද්‍රව්‍ය පිලිබඳ වාර්තා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාර්ශවකාර ආයතන වෙත ලබාදෙන බව හේලෝ ට්‍රස්ට් ආයතනයේ ප්‍රකාශිකාවක් පවසා තිබේ.

චුන්ඩිකුලම් හිදී හමු වූ බෝම්බ කොටසක්

චලෙයි හිදී හමුවූ බෝම්බ කොටසක්(මූලාශ්‍ර ‘රේඩියෝ ගගන‘/ London Guardian)


