ප්‍රංශයේ ගිනිකොන දිග ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 17 දෙනෙකු මිය ගොස් තවත් සිව් දෙනෙකු අතරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එක දිගට ඇදහැළෙන වර්ෂාවත් ඒ සමග අතිව තිබෙන සුලි කුණාටු හ්තුවෙන් මේ තත්වය ඇතිව තිබෙන බව වාර්තාවේ. ගංවතුර හේතුවෙන් මේ වනවිට ප්‍රංශයේ ගිනිකොන දිග ප්‍රදේශවල ජනතාව ඉමහත් පීඩාවට පත්ව ඇත.
මේ හේතුවෙන් ප්‍රංශ ජනාධිපති හොලන්ඩේ අදාල ප්‍රදේශ තුල හදිසි ආපදා තත්වයක් ප්‍රකාශයට පත්කර ඇත. හදිසියේ ඇතිවූ මෙම ව්‍යසනකාරී තත්වය නිසා මේ වන විට එම ප්‍රදේශවලට පානීය ජලය හා ආහාර හා අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමේ දුෂ්කරතාවයකට මුහුණදී ඇත.