2014 වසරේ අ.පො.ස (උ/පෙ) විභාගයේ ප්‍රතිඵල මත මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සාමාන්‍ය ප්‍රවේශයට 24,343 ක් තෝරාගෙන ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
පසුගිය අ.පො.ස(උ/පෙ) විභාගයට සිසුන් 2,47,376ක් පෙනී සිටි අතර එයින් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා 1,49,572ක් සුදුසුකම් ලබා තිබේ. එයින් අයදුම්පත් යොමුකර ඇත්තේ 58,716ක් පමණි.
මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශයට නවතම උපාධි පාඨමාලා 2ක් හඳුන්වා දී ඇති බවත්, එයින් එකක් කැලණිය විශ්වවිද්‍යාලයේ ‘සිනමා හා රූපවාහිනි අධ්‍යයන’ ලෙස හඳුන්වාදී ඇති බවත්,
අනෙක් පාඨමාලාව යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපය සඳහා ‘ ව්‍යාපෘති කළමනාකරණය’ ලෙස හඳුන්වාදී ඇති බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර පවසයි.