මාලදිවයින ජනාධිපති ඝාතන තැතට දෙදෙනෙක් අත්අඩංගුවට

yameen abdulla

පසුගියදා මාලදිවයින් ජනාධිපතිවරයා වන යමීන් අබ්දුල්ලා ගයූම් ගමන් කරමින් සිටි බෝට්ටුවේ සිදුවූ පිපිරීම ජනාධිපතිවරයා ඝතනය කිරීමේ අරමුණෙන් සිදුකළ කුමන්ත‍්‍රණයක් බව එරට ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇත.

මේ වන විට ඊට සම්බන්ධව එරට ආරක්ෂක අංශයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තාවේ. මෙම පිපිරීම සිදුවූයේ පසුගියදා ජනාධිපතිවරයා මක්කම පැවැති හජජි උළෙලට සහභාගීවී ආපසු සිය රටට පැමිණෙමින් සිටින අවස්ථාවේදීය. ගුවන්තොටුපලෙසිට මලගෙනුවර බලා අධිවේගී බෝට්ටුවේ ගමන් කරමින් සිටින විට මෙම පිපිරීම සිදුවිනි.

එම පිපිරීමෙන් ජනාධීපතිවරයාගේ බිරිදට හා ලේකම්වරයාට තුවාල සිදුව තිබුනි. ඔවුන් වහාම රෝහල් ගත කළ අතර ජනාධිපතිවරයාට එම පිපිරීමෙන් තුවාල සිදු නොවූවත් යම් කම්පන තත්වයකට ලක්ව සිටි බව එරට මාධ්‍ය වාර්තා කර තිබුනි. එම තත්වය නිසා ජනාධිපතිවරයාද මලේ අගනුවර රෝහලට ඇතුලත් කර පසුව ප‍්‍රතිකාර ලබා පිටව ගොස් තිබුනි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය රජයේ හා ලංකාවේ ආරක්ෂක අංශවල සහාය පරීක්ෂෙණ සදහා ලබා ගැනීමට එරට ආරක්ෂක අංශ තීරණය කර තිබේ.

කෙසේ වෙතත් පසුගිය කාලය තුල එරට දේශපාලන ව්‍යාකූලතත්වයක් දිගින් දිගටම වර්ධනය විය. මෙම පිපිරීම එම දේශපාලන ව්‍යාකූලත්වය වෙනත් ස්වරුපයක් දක්වා වර්ධනය වෙමින් තිබෙන බවට සාධකයක් බව දේශපාලන විචාරකයින්ගේ මතයවී ඇත.

Leave a Reply