අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහි සාකච්ඡා සභාව හෙට (09)

10686813_718910021547567_7065109372469689223_n

‘අධ්‍යාපන පෞද්ගලීකරණයට අප එරෙහිවිය යුත්තේ ඇයි?’ යනුවෙන් පැවැත්වෙන සාකච්ඡා සභාවක් ඔක්තෝබර් 9දා සවස 3.00ට ජාතික පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.

මෙය සංවිධානය කරන්නේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසිනි. දේශපාලන පක්ෂ නියෝජිතයන්, වෘත්තිය සමිති නියෝජිතයන්, ගුරුසංගම් නියෝජිතයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා සිසුන් මේ හා සම්බන්ධ වීමට නියමිත බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර පැවසීය.

මෙම වැඩසටහන සඳහා මින් පෙර යොදා ගෙන තිබුනේ කොළඹ මහවැලි කේන්ද්‍රය බවත් මෙය දේශපාලන රැස්වීමක් යැයි කියමින් එහි රැස්වීමට අවසර ලබා දිය නොහැකි බව පසුව එහි බලධාරීන් ප‍්‍රකාශ කළ බව ඔහු පැවසීය.

Leave a Reply