උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ ජාතික වැඩපිළිවෙලක් වහාම සකස් කරන ලෙසත් මෙතෙක් රැකියා නොමැතිව සිටින සියලු උපාධිධාරීන්ට වහාම සිය සුදුසුකම් අනුව රැකිය ලබා දෙන ලෙසත් බල කරන දැවැන්ත උද්ඝෝෂණයක් හෙට (7)උදේ 10.00 කොළඹ කොටුව දුම්රියපොළ අසලදී අාරම්භ කරන බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී්න්ගේ සංගමයේ කැදවුම්කරු වන ධම්මික මුණසිංහ පවසයි.
මේ වනවිට ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය විසින් වයඹ, දකුණ, සබරගමුව, හා මධ්‍යම යන පළාත්වල මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයේ පළාත් උද්ඝෝෂණ පවත්වා අවසන් කර ඇති බව ධම්මික මුණසිංහ වැඩිදුරටත් පැවසීය.
පසුගිය කාලය තුල පළාත් මට්ටමින් කළ උද්ඝෝෂණයේ ජාතික මට්ටමේ උද්ඝෝෂණය හෙට කොළඹදී පැවැත් වෙන බවත් ඒ සදහා උතුරු පළාතේ උපාධීධාරීන් හා නැගෙනහිර පළාතේ උපාධීධාරීන්ද මෙම උද්ඝෝෂණය හා සම්බන්ධ වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.