යාල වනජීවී නිලධාරීන්ට තර්ජන

yala

යාල වනෝද්‍යානයේ වනසතුන් දඩයම් ඛළ බවට සැකකරන පුද්ගලයකු වෙඩි වැදී මියයාම හේතුවෙන් පසුගිය සිකුරාදා සිට යාල වනෝද්‍යානය තුල යම් ගැටළුකාරී තත්වයක් නිර්මාණය වී ඇතැයි වාර්තාවේ.

මේ හේතුවෙන් යාල වනෝද්‍යනය තුල පිහිටි වනජීවී කාර්යාලවල ආරක්ෂාව සදහා පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් යොදවා ඇත. පසුගිය සිකුරාදා සිදුව ඇති මෙම මරණය හේතුවෙන් වනජීවී නිලධාරීන්ට යම් පිරිසක් විසින් තර්ජනය කර තිබුනි.

මෙම තර්ජනය කිරීම හේතුවෙන් සංචාරකයින්ගේ හා වනජීවී නිලධාරී්න්ගේ ආරක්ෂාවට මෙසේ පොලිස් විශේෂ කාර්ය බලකාය යාල වනොද්‍යානයේ වනජීවීී කාර්යාලවල ආරක්ෂාව වෙනුවෙන් යෙදවීමට කටයුතු කර ඇත.

යාල වනෝද්‍යානය තුල නීති විරෝධී සතුන් දඩයම් කරන්නන් විසින් විවිධ සතුන් දඩයම් කරන අතර මේ සදහා සමහර වනජීවී නිලධාරීන්ගේ අනුදැනුම ඇතිවද කෙරෙන බවට පාරිසරක සංවිධානද අවස්ථ කිහිපයකදීම චෝදනා කර තිබුනි.

Leave a Reply