කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන පසුව අධිකරණය මගින් නිදොස් කොට මුදාහරින ලද සිසුවා අද දින මානව හිමිකම් කොමිසම හමුවට පැමිණිල්ලක් ඉදිරිපක් කර ඇත.
අද පෙරවරුවේ සිය නීතිඥයින් සමග ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත ගොස් තමන්ට අත් අඩංගුවට ගැනීමෙන් පසුව පොලීසිය විසින් කරන ලද බලවත් අසාධාරණය පිළිබදව මෙම පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබේ.
මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ තමන්ට සිදුවූ බලවත් අසාධාරණය ගැන සොයා බලා ඒ සදහා තමන්ට සුදුසු වන්දියක් ලබාගැනීමේ අදහසින් බවද එම සිසුවා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
මීට පෙර මෙම සිදුවීමේදී තමන්ට අයත්ව තිබූ පරිඝණක උපාංග හා තමන් සතුව තිබූ ජංගම දුරකතනය හා ඩොංගලය පොලීිසිය විසින් ආපසු ලබා නොදීම නිසා ඒ ගැන සොයා බලා එම භාණ්ඩ තමන්ට ලබදෙන ලෙස පොලිස්පත්වරයාටද පැමිණිල්ලක් කර තිබුනි.