පාර්ලිමේන්තුව උණුසුම්

Sri-lanka-Parlimant

පාර්ලිමේන්තුව අද(06) දහවල් ආරම්භ වීමෙන් අනතුරුව දෙමුහුන් අධිකරණය පිළිබඳව ඉල්ලූ විවාදය තවමත් ලබා නොදීම සම්බන්ධයෙන් විමල් වීරවංශ මන්තී‍්‍රවරයා කතානායකවරයාගෙන් විමසීමත් සමග පාර්ලිමේන්තුවේ නොසන්සුන්කාරී තත්වයක් ඇති විය.

ගැටුම ඇති වුයේ ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා හා විමල් වීරවංශ මන්තී‍්‍රවරයා අතරය.

ඊට එක්වූ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකිම් පාර්ලිමේන්තුව තුල ජායාරූප ගැනීමෙන් ඉදිරියේදී මන්තී‍්‍රවරුන්ට දුරකථන ගෙන ඒම පවා තහනම් විය හැකි බව ප‍්‍රකාශ කිරීමත් සමග පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම්කාරී තත්වයක් හටගත් බව වාර්තා වේ.

ඊට පසුව පාර්ලිමේන්තුව විනාඩි 10 කට කල් තැබීමට නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල නියෝග කළේය.

Leave a Reply