මීරියබැද්දවත්තේ නායයෑමෙන් අවතැන්වූවන්ගේ උද්ඝෝෂණයක් ඊයේ බණ්ඩාරවෙල නගරයේදී ආරම්භකර තිබුනි. බණ්ඩාරවෙල නගරයට රැුස්වූ මීරියබද්ද නායයයෑමෙන් අවතැන්වූ පවුල් 83ක පුද්ගලයන් 275ක ජනතාවගේ සහභාගීත්වයෙන් මෙම උද්ඝෝෂණයක් පැවැත්විනි.
ඔවුන්ගේ ඉල්ලීම වූයේ තමන් අවතැන්ව මේ වනවිට වසරක් ගතව ඇතත් මේ දක්වා බලධාරීන්ගේ කිසිදු මැදිහත්වීමක් නොලැබුණු බවයි. තම දූදරුවන් සමග මෙසේ අවතැන්ව සිටීමට තවදුරටත් නොහැකි බවත් වහාම අදාල බලධාරීන් මේ ප‍්‍රශ්නයට විසිදුම් ලබාදියයුතු බවය.
පසුගිය වසරේ පැවැති ජනාධිපතවරණයේදීත් ඉන් පසුව පැවැති අගෝස්තු මහමැතිවර්නයෙදී එවකට විපක්ෂයේ සිටි නමත් දැන් ආන්ඩු පක්ෂයේ සිටින අය තමන්ට විවිධ පොරෙන්දු ලබාදුන්නත් අද වනතෙක් ඒවා ඉටු නොවූ බවත් තමන්ට තවදුරටත් මෙසේ අවතැන්ව තාවකාලික ස්ථානවල සිටිය නොහැකි බවත් වහාම පොරොන්දු වූ පරිද ඉඩම් ලබාදීයතු බවයි.
ඊයේ දිනය පුරාම උද්ඝෝෂකයන් බණ්ඩාරවෙල නගර මධ්‍යයේ මෙම උද්ඝෝෂණයේ නිරතවිය.
තමන්ට නිවාස ලබා දෙන මෙන් ඉල්ලා බිම වාඩි වී සිය විරෝධය ප්‍රකාශ කළ ඔවුන් උදේ 10 සිට අරම්භ වු විරෝධතාවය එදින සවස 6 ට නිමවුයේ හෙට සවස 2 ට ආපදා කලමනාකරණ අමාත්‍යයංශ විශේෂ නියෝජිත සාකච්ඡුාවක් ලබා ගැනීමෙන් සහ තම ප‍්‍රශ්නවලට විසදුම් දින 7 ක් ඇතුලත නොලැබෙන්නේ නම් නැවත අඛන්ඩ උපවාසයක් පැවැත්වීමට කටයුතු කරන බව සදහන් කරමිනි.
එම උද්ඝෝෂණයේ ඡුායාරූප කිහිපයක් පහත පළවේ




