උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ ජාතික වැඩපිළිවෙලක් වහාම සකස් කරන ලෙසත් මෙතෙක් රැකියා නොමැතිව සිටින සියලු උපාධිධාරීන්ට වහාම සිය සුදුසුකම් අනුව රැකිය ලබා දෙන ලෙසත් බල කරමින් අඛණ්ඩ සත්‍යග්‍රහයක් හෙට (04) කුරුණෑගල නගරයේදී පැවත්වීමට නියමිත බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැදවුම්කරු වන ධම්මික මුණසිංහ පවසයි.
මේ වනවිට ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය විසින් වයඹ, දකුණ, සබරගමුව, හා මධ්‍යම යන පළාත්වල මෙම ඉල්ලීම් මුල් කරගෙන පසුගිය මසක පමණ කාලයක තුල උද්ඝෝෂණ ව්‍යාපාරයේ සිදුකළ බවත් නමුත් මේ පිළිබදව නිසි සැලකිල්ලක් අදාල බලධාරීන් මේ වනතෙක් යොමු නොකල බවත් හෙට ආරම්භ කරන කුරුණෑගල අඛණඩ සත්‍යග්‍රහයටද යහපත් ප්‍රථිඡාරයක් බලධාරීන් ලබානොදෙන්නේ නම් දිවයින පුරා විසිරී සිටින රැකියා විරහිත උපාධිධාරීන් කොළඹට රැස්කර දැවන්ත උද්ඝෝෂණයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ධම්මික මුණසිංහ වැඩිදුරටත් පැවසීය.