සමඅයිතිය යාපනය සම්මන්ත්‍රණය හා අත් පත්‍රිකා බෙදීම

jaffna r

සම අයිතිය ව්‍යාපාරය විසින් අද දින යාපනය සරසවිය ඉදිරිපිට හා යාපනය නගරයේ අත්පත්ත්‍රිකා බෙදාහැරීමේ ව්‍යපාරයක් පවත්වා ඇත. ඉන් අනතුරුව සවස 3.00ට යාපනය පුස්තකාල පරිශ්‍රශාලාවේ සමඅයිතිය ව්‍යාපාරය විසින් සම්මන්ත්‍රණයක්ද පවත්වා තිබේ.

එම සම්මන්ත්‍රණය සදහා සමඅයිතිය ව්‍යපාරයේ කැදවුම්කර රවීන්ද්‍ර මුදලිගේ සහභාගී වූ අතර ඔහු එහිදී පවසා ඇත්තේ මේ වන විට දේශපාලන රැදවියන් පිළිබදව මතුව ඇති තත්වය යාපනය ජනතාවට නිසි ලෙස හෙළි කළයුතු බවයි. එහිදී ඔහු විශේෂයෙන් ප්‍රකාශකර ඇත්තේ ටී.එන්.ඒ. සංවිධානය විසින් දේශපාලන රැදවියන් සම්බන්ධයෙන් දරණ ස්ථාවරය මහත් අවාසිසහගත තත්වයක් දක්වා වර්ධනය වී ඇති බවයි.

සියලු දේශපාලන රැදවියන් වහා නිදහස් කරන්නැයි ආණ්ඩුවට බල කරමින් තිබූ බලපෑම මේ වනවිට ටී.එන්.ඒ. ස්ථාවරය විසින් මහත් ව්‍යාකූල තත්වයක් බවට පත්කර තිබෙන බවත්, වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමට පෙර දේශපාලන රැදවියන් සියලු දෙනා නිදහස් කලයුතු බව පැවසූ අතර එ් මොහොතේ ටී.එන්.ඒ. දේශපාලන අදහසද වුයේ නව ආණ්ඩුවක් පත්වීමෙන් පසුව දේශපාලන රැදවියන්ගේ ප්‍රශ්නයද විසදාගතහැකිය යන අදහසකයි. නමුත් වත්මන් ආණුඩුවේ දේශපාලන රැදවියන් සම්බන්ධයෙන් වනස්ථාවරය මේ වන විට වෙනස්ව තිබෙන අතර එම ආණ්ඩුවේ මතයට සමපාතවන මතයක් ටීඑන්ඒ සංවිධානයද මේවන විට දැරීම නිසා දේශපාලන රැදවියන් හා ඔවුන්ගේ අපේක්ෂා බොදවන තත්වයක් අතිව තිබෙන බවයි.

මෙම දෙබිඩි දේශපාලන තත්වය යාපනය ජනතාවට හොදින් අවබෝධ කරගතයුතු බවත් කුමණ තත්වයක් තුල වුවත් සම අයිතිය ව්‍යාපාරය දිගින් දිගටම ආණ්ඩුවට බල කළේ හා ඉදිරියේදීත් බලකරන්නේ සියලු දේශපාලන රැදවියන් කොන්දේශි විරහිතව නිදහස් කළයුතු බව රවීන්ද්‍ර මුදලිගේ එහිදී අවධාරණය කර තිබේ.

කෙසේ වෙතත් සම අයිතිය ව්‍යාපාරය ඉදිරියටත් සියලු දේශපාලන රැදවියන් කොන්දේශි විරහිතව නිදහස් කළයුතු බවට වන උද්ඝෝෂණ අඛණ්ඩව ගෙන යන බවත් ඒ සදහා විශේෂයෙන් යාපනය ජනතාවට එම පණිවුඩය ලබාදීමට මෙම සම්මන්ත්‍රණය සූදානම් කිරීමට තීරණය කළ බවත් පවසා ඇත.

අද දින මෙම සම්මන්ත්‍රණයට යාපනය ප්‍රදේශයේ ජනතාව හා යාපනය සරසවියේ සිසුන් සහභාගීවී ඇති බව වාර්තාවේ.

jaffna1

jaffna2

jaffna3

jaffna4

 

Leave a Reply