නැගෙනහිර හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් දෙසැම්බර් 10 වන දින දක්වා රදවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය ඊයේ අවසර ලබාදී ඇතැයි වාර්තාවේ. ටී.එන්.ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂෆ් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් සී.අයි.ඩි. විසින් පසුගියදා ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන මේ දක්වා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ රදවාගෙන සිටී.
ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරපත් කළ අවස්ථාවේදී අධිකරණයෙන් සී.අයි.ඩී. නිලධාරීන් විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්රා්වරයා මෙම නියෝගය ලබාදී ඇත.
2005 වසරේ දෙසැම්බර් 25 දින මඩකලපුව ශාන්ත මේරි දේවස්ථානය තුළදී ටී.එන්.ඒ.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂෆ් පරරාජසිංහම් වෙඩි තබා ඝාතනය කර තිබුනි. පසුගිය රාජපක්ෂ පාලන කාලය තුලදීම මේ ඝාතනය පිලිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ විමර්ශනයක් ද සිදුකළත් ඉන් අනතුරු එම කි‍්‍රයාවලිය නතර තිබුනි. මෙම ඝාතනය ගැන වසර දහයකට පසුව නැවත විමර්ශන කටයුතු ආරම්භ වන්නේ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිින් පසුගිය පාලන කාලය තුලදී සිදුව ඇති ඝාතන හා පැහැරගැනීම් පිළිබදව නැවත විමර්ශන ආරම්භ කිරීමත් සමගයි.