මාලදිවයිනේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

yameen abdulla

මාලදිවයින තුල හදිසි තත්වයක් ක්‍රියාත්මක කර ඇති බව වාර්තාවේ. ඉදිරි මාසයක කාලයක් මෙම හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට එරට ජනාධිපතිවරයා විසින් තීරණය කර ඇත. එරට විපක්ෂය විසින් තව දින දෙකකින් වත්මන් ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ රැලියක් පැවැත්වීමට නියමිතව තිබුනි.

මෙම හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමත් සමග එම විපක්ෂයේ රැලියද පැවත්වීමට නොහැකි වන තත්වයක් නිර්මාණය වනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. පසුගිය මාස කිහිපයක පමණ කාලයක සිට එරට දේශපාලන අස්ථාවරත්වයක් පවතින බවට වන සාධක තිබුනි.

පසුගිය මාසයේ එරට ජනාධිපති අබ්දුල් යමීන් ගමන් ගත් අධිවේගී බෝට්ටුවක පිපිරීමක් සිදුවූ අතර එම පිපිරීම ජනධිපතිවරයා ඝාතනය කිරීමේ ප්‍රයත්නයක් බව එරට පාලකයන් පවසා තිබුනු අතර  ඉන් පසුව එරට උප ජනාධිපතිවරයා හා තවත් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබුනි.

Leave a Reply