කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව පෙ.ස.පෙ මාධ්‍ය හමුව

FLSP Media Confarense 20151104 01

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් කෑගැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම පිළිබඳ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කැඳවූ මාධ්‍ය හමුවක් අද සවස 4ට මරදාන සමාජ හා සාමයික කේන්ද්‍ර ශාලාවේදී පැවැතුණා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක, දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව සහ සදුන් විතානගේ මාධ්‍ය හමුව සඳහා සහභාගී වුණා.

මෙහිදී අදහස් දැක්වූ දුමින්ද නාගමුව සහෝදරයා අදහස් දක්වමින් සඳහන් කළේ ආණ්ඩුව කතා කරන භාෂාව අපිට තේරෙනවා. ආණ්ඩුවේ දේශපාලනයට එරෙහි විරෝධතාවේ හීනි සුළ`ගක් හමනකොට මෙහෙම නම් ඉදිරියේදී තව කොහොම මැදිහත් වෙයිද කියලා කියන්න පුළුවන්.

 

කුමාර් ගුණරත්නම් සහෝදරයා අද සවස 1.50 ට පමණ කෑගල්ලේදී අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඔහු අසනීපෙන් සිටි සිය මව බලන්න යද්දී තමයි මේ විධියට අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. කුමාර් සහෝදරයා පසුගිය රාජපක්ෂ ආණ්ඩුවෙන් පිටුවහල් කළා. ඒ අපි 2011 දී ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වෙලා පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැදුවට පස්සේ. ඒ කාලෙදි විශේෂයෙන් අපේ පක්ෂය ඉලක්කකරගෙන රාජ්‍ය මර්දනයක් කි‍්‍රයාත්මක වුණා. ඒ අනූව 2011 දෙසැම්බර් 10 දා අපේ පක්ෂයේ ලලිත් හා කුහන් සහෝදරවරු පැහැරගත්තා. කුමාර් සහෝදරයා සහ දිමුතු සහෝදරිය පැහැරගන්නේ අපේ පක්ෂයේ පළවෙනි සමුළුවට දිනයක් තියෙද්දී. ඒ 2012 අපේ‍්‍රල් 6 වෙනිදා ඒ අවස්ථාවේ පැවැත්වූ මාධ්‍ය හමුවට එවකට විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහත් සහභාගී වුණා. වර්තමාන ආණ්ඩුව හදන්න මැදිහත් වෙච්ච බොහෝ දෙනෙක් මේ අවස්ථාවේදී කුමාර් සහෝදරයා පැහැරගැනීම හා පිටුවහල් කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රශ්නයක් ලෙස දැක්කා.

නමුත් අද වන විට ඔවුනුත් කලින් රාජපක්ෂ ගිය පාරේම යන බව තමයි මේ අනූව තේරෙන්නේ. කුමාර් සහෝදරයාට ලංකාවෙන් යන්න සිද්දවුනේ. ඔහු දේශපාලනය කරපු නිසා. ඒ නිසා අපි පක්ෂයක් විධියට ස්ථාවරයක සිටියා අවස්ථාව ලැබුණ ආකාරයකට ඔහු ලංකාවට නැවත ගෙන්නවා කියලා. එතැනදී තමයි අපි දින 30ක සංචාරක වීසා ලබා ගෙන ලංකාවට ගෙන්වාගත්තේ. ඒ මේ අවුරුද්දේ ජනවාරි මාසයේ ඊට පස්සේ අපි නැවත වීසා දීර්ඝ කරන්න කියලා ඉල්ලීමක් කළා. ඒ පිළිබඳ කිසිදු ප‍්‍රතිචාරයක් නොදක්වා පිටුවහල් කරන්න උත්සහ කළා. ඒ අනූව අපි දෙවරක් ආගම විගමන නිලධාරීන් ඉදිරියට ඉදිරිපත්වුණා. ඊට පස්සේ අපි නීතිමය පියවර ගත්තා මොහු ලංකාවේ පුරවැසියෙක් බවත්. අපි  ඕනෑම අවස්ථාවක ඔස්ටේ‍්‍රලියාවේ පුරවැසිභාවය අතහරින්න සූදානම් වහාම ලංකාවේ පුරවැසිකම ලබා දෙන්න කියලා ඒකට නීති ප‍්‍රතිපාදන තියෙනවා. ආගමන විගමන පනතේ 8, 20, 21 අනූව උසාවියෙන් ලැබුණ තීන්දුව තමයි මෙය විසඳීමේ බලය තියෙන්නේ විධායකයට නිසා. ඒ වෙනුවෙන් අපි පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාද අවස්ථාවේදී අපේ පක්ෂයේ හිටපු පාර්ලිමේන්තුු මන්ත‍්‍රී අජිත් කුමාර සහෝදරයා හරහා ඉල්ලීමක් කලා. එදා පැවැති විවාදයේදී බොහෝ දෙනා පිළිගත්තා මෙතන ගැටලූවක් තියෙනවා කියලා. එතැන සාකච්ඡුාව මතුවුනේ දේශපාලන හේතු විතරක් නෙවෙයි ආර්ථික හේතු නිසාත් පිටමන්වුණ අයට නැවත ලංකාවට එන්න අවස්ථාව දෙන්න  ඕන කියලා.

ඔය විධියට ගත හැකි හැම පියවරක්ම ගත්තට පස්සේ තමයි අද මේ තත්ත්වය උද්ගත වෙලා තියෙන්නේ. මේක තවදුරටත් නීති ප‍්‍රශ්නයක් නෙවෙයි දේශපාලන ප‍්‍රශ්නයක් ඒ නිසා මේකට දේශපාලන මැදිහත්වීමක්  ඕන. කුමාර් සහෝදරයා පසුගිය කාලේ විවෘතව දේශපාලනය කළා. පැවැති මහමැතිවරණයේදී අපේ පක්ෂේ ජාතික ලයිස්තුවෙන් මැතිවරණයටත් ඉදිරිපත් වුණා. අසනීප වෙලා ඉන්න මව බලන්න තමයි කෑගල්ලේ ගියේ. කිසිදු වරෙන්තුවක් නැතිව අත්අඩංගුවට ගන්නේ. ඒ වගේම කිසිම අවසරයක් නැතිව සෝදිසි කරනවා. ඒ නිසා මේක නීති විරෝධීයි. අපිට හිතාගන්න පුළුවන් මේ ආණ්ඩුව අපිට කතා කරන භාෂාව. මේ එන්නේ පෙරහැරේ කස කාරයෝ.

රාජිත සේනාරත්නලා ජනවාරි 8 වෙනිදා වුණා කියන ඊනියා විප්ලවයෙන් පස්සේ ගත්ත පළවෙනි මාධ්‍ය හමුවෙත් කිව්වේ රටින් ගිය අයට නැවත ලංකාවට එන්න කියලා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙනවා කියලා. නමුත් දැන් කොහෙද ප‍්‍රජාතන්ත‍්‍රවාදෙ? මාර්තු 31 ශිෂ්‍ය උද්ඝෝෂණයට පහරදුන්නා. අපේ‍්‍රල් 30 ශිෂ්‍ය භික්ෂු උද්ඝෝෂණයට පහර දුන්නා. යාපනේ උද්ඝෝෂණයට පහර දුන්නා. කොටකෙතනේ මිනිස්සුන්ට පහර දීලා මාධ්‍යටවත් ඒ පැත්තට යන්න දුන්නේ නෑ. බඳගිරියේ වතුර ඉල්ලපු මිනිස්සුන්ට පහරදුන්නා. ඊයේ පෙරේදා උසස් තාක්ෂණ ආයතන සිසුන්ට පහරදුන්නා.

මේ මොකක්ද මේගොල්ල කියන්නේ මෙයාල කැමති නෑ මෙයාල රාජපක්ෂ වගේ කියන්න. නමුත් වෙන විධියකට කියනවා මෙයාලත් ඒ විධියම තමයි කියලා. එතැනදී අනාගතයේ තමන්ට බලපෑම් සහගත වෙයි කියල හිතන දේශපාලන බලවේගයන්ට ලබා දෙන ඉ`ගිය තමයි මේක. ඒ නිසා මේක හරියටම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලෙදී කළ පැහැරගැනීමයි අද කළ අත්අඩංගුවට ගැනීමයි දෙකම පෙනුමෙන් වෙනස් උනාට හරයෙන් එකයි. ඒ නිසා අපි එදා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් අරගල කර අයට කියනවා යලි හිතන්්න මේක මෙතනින් නවතින්නේ නෑ. ඒ නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනාගැනීමේ සටනට එකතුවෙන්න කියලා. අපි ඉදිරියේදී කුමාර් සහෝදරයා අත්අඩංගුවට අරගෙන කාටත් හොරා පිටුවහල් කරන්න යන ක‍්‍රියාමාර්ග ගන්නවා. අපි හැමොටම මේ අරගලයට එකතුවෙන්න කියල ආරාධනා කරනවා.

FLSP Media Confarense 20151104 02

FLSP Media Confarense 20151104 03

FLSP Media Confarense 20151104 03