2016 වර්ෂය සඳහා ඉදිරිපත් කර ඇති අයවැය ලේඛනය පාර්ලිමේන්තුවේ සම්මත වුවද එහි අඩංගු ජනතා විරෝධී යෝජනා කිසිවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව වෘත්තිය සමිති, ගොවි සංවිධාන, ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුලූ ජනතා සංවිධාන නායකයෝ කියති.
මෙවර අයවැයෙන් විශ්‍රාම වැටුප අහෝසි කිරීම, ගොවි සුභසාධන කපා හැරීම අර්ථසාධක සේවක භාරකාර දිවිනැගුම වැනි මහජන අරමුදල් කොල්ලකෑම, අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය පෞද්ගලීකරණය වැනි යෝජනා රැුසක් ඉදිරිපත් වී තිබූ අතර එයට දැවැන්ත සමාජ විරෝධයක් පැන නැගී තිබේ.
එහෙත් එම සමාජ විරෝධය මධ්‍යයේම අයවැය දෙවනවර කියවීමේ ඡුන්ද විමසීමේදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක පමණ ඡුන්දයෙන් අයවැය සම්මත කෙරිණි. මෙවර අයවැය ලේඛනය පිළිබඳ අවසන් ඡුන්ද විමසීම දෙසැම්බර් 19 වෙනිදා පැවැතෙනු ඇත. අයවැය පාර්ලිමේන්තුවේදී සම්මත වුවත් එහි අඩංගු යෝජනා ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව පවසමින් ජනතා බලවේග උද්ඝෝෂණ අරඹා තිබේ.
විරෝධතා නිසා ඇතැම් අයවැය යෝජනා පසුපසට ගැනීමට ආණ්ඩුවට සිදු වුවත් බොහෝ විනාශකාරී යෝජනා තවමත් හකුලාගෙන නැත. මෙම තත්ත්වය හමුවේ එම යෝජනා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව උත්සහ කරන සෑම අවස්ථාවකදීම දැවැන්ත ජනතා ප්රතිවිරෝධතා මතු වීමට නියමිතය.
එබැවින් ඉදිරි වර්ෂය ජන අරගල බහුල වර්ෂයක් වනු ඇතැයිද. සම්මත කරන ලද අය වැය ලේඛනයේ කරුණු ඉටු කර ගැනීමට බාධා වී ආණ්ඩුව බරපතල අර්බුදයකට යනු ඇති බව වාර්තාවන අතර හෙට දින දුම්රිය, තැපැල්, සෞඛ්‍ය, බැංකු යන අංශවල ප්‍රබල වෘත්තීය සමිති මෙම එක් දින වැඩ වර්ජනයට සහභාගීවන අතර කම්කරු අරගල මධ්‍යස්ථානයද සිය සහයෝගය වැඩවර්ජනය වෙනුවෙන් ලබාදෙන බව පවසා තිබේ.