தமிழ்
English
Contact
Wednesday 4th April 2018    
කාබනුත් වෙළෙඳ භාණ්ඩයක් වේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කාබනුත් වෙළෙඳ භාණ්ඩයක් වේ



රටවල් 99ක සහභාගීත්වයෙන් පැරිසියේදී පැවැති ලෝක දේශගුණික සමුළුව 21 වැනි වතාවටත් පසුගියදා අවසන් විය. cop 21 නමින් පැවැති මෙහි ප‍්‍රධාන මාතෘකාවක් වූයේ කාබන් ගහනය අඩු කිරීම පිළිබඳ සාකචඡාවයි. මෙහිදී සෑම රටකටම අදාළව කාබන් පිටකිරීමේ කෝටාවක් නිර්දේශ කර ඇත.

කෙසේ නමුත් මෙම ගිවිසුමට අමෙරිකාව, චීනය ආදී රටවල් අත්සන් කර නැත. අත්සන් කර ඇති රටවලට මෙහිදී යෝජනා වී ඇත්තේ තම රටේ කෝටා එකට අඩුවෙන් යම් රටක් කාබන් පිට කරන්නේ නම් එවැනි රටවලට එම ඉතිරිය අනෙක් රටවලට විකිණිය හැකි බවයි. මේ අනුව කාබන් වෙළෙඳාම නීති ගත වී ඇත.

ලංකාව තුළදී මෙලෙස කාබන් විකිණීම සඳහා ගන්නා උත්සහයක් දැනටම පවතින බව පරිසරවේදීන් පෙන්වා දේ. පසුගියකාලයේ බොහෝ කතාබහට ලක්වූ හල්දුම්මුල්ල සොරගුණේ ප‍්‍රදේශයේ ආයෝජකයෙක් විසින් පර්චසයක් රුපියල් 55 බැගින් අඩු මිලකට මිලදී ගෙන ඉන් කොටසක් මෙසේ කාබන් වෙළෙඳාමට අදාළ සැලසුමක් වෙනුවෙන් වෙන් කර ඇති බව ඔවුන් පෙන්වා දේ.

ලංකාවේ ජනාධිපතිවරයාද පසුගියදා පැරිසියේ පැවැති දේශගුණ සමුළුවට සහභාගී වූ අතර පරිසරවේදීන් පවසන්නේ මෙවැනි සමුළුවල කුමන දේවල් ගත්තත් ඒවා බොහෝ දුරට කතා සාප්පු පමණක් වී ඇති බවත් අවසානයේ ක‍්‍රියාත්මක වන්නේ කොම්පැනිකාරයන්ගේ ලාභය උදෙසා පරිසරය විනාශ කිරීම පමණක් බවයි.




Related News