ලංකාවේ ඉඩම් අක්කර 5000 බැගින් විදේශ ආයෝජකයන්ට

land 11

විදෙස් ආයෝජකයන් සඳහා අක්කර 5,000 දක්වා ඉඩම් ලබා දීමට ආණ්ඩුව සූදානම් බව පසුගියදා ඉන්දියාවේ The Hindu පුවත්පත සමඟ පැවැති සාකච්ඡුාවකදී මුදල් අමාත්‍ය රවි කරුණානායක ප‍්‍රකාශ කර තිබුණි.

නමුත් පරිසරවේදීන් පවසන්නේ මෙසේ අක්කර 5,000ක පමණ ඉඩමක් ආයෝජනයකට ලබා දෙනවා නම් දැනට ලංකාවේ පවතින තත්වය අනුව එසේ ඉඩම් ලබා දිය හැක්කේ කැලෑ එළිකිරීමෙන් හෝ පොල් වැනි වගාවන් සඳහා යොදවා ඇති ඉඩම් නිදහස් කරගැනීමෙන් බවයි.

ඒ අනුව ඇමැතිවරයා කරන මෙකී ප‍්‍රකාශය ඉදිරියේදී ඒමට නියමිත විශාල පරිසර හානියක පෙරනිමිත්තක් බව ඔවුන් පවසයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ දැනට මෙසේ ඉඩම් ලබා දෙනවා නම් ඒ සඳහා ලබා දීමට මුඩු ඉඩම් ආදිය ලංකාවේ නොමැති බවත් ඒ නිසා නිසැක වශයෙන් ඒවා ලබා දෙනවානම් කැලෑ එළිකිරීමක් සිදු වන අතර එය විශාල පාරිසරික විපත් ගෙන දෙනු ඇති අතර එසේ නොමැතිව විශාල ලෙස පොල් ඉඩම් නිදහස් කරගන්නේ නම් එය ලංකාවේ පොල් නිෂ්පාදනයට හා ඒ ආශ‍්‍රිත රැකියාවන්ට බලපානු ඇති බවද ඔවුන් සඳහන් කරයි.

තවදුරටත් පරිසරවේදීන් පවසන්නේ මෙය නිල නොවන ලෙසට සීපා ගිවිසුම ක‍්‍රියාත්මක කිරීමක් බවයි. මක්නිසාද යත් අක්කර 5,000 වැනි විශාල ප‍්‍රදේශයක ඉදිවන කර්මාන්තවලදී අනිවාර්යක් ලෙස ආයෝජකයන් ඉන්දියන් කම්කරුවන් මෙහි ගෙන එනු ඇති නිසාය.