සම අයිතිය ව්‍යාපාරය මගින් පවත්වන ලද ‘ඒත් අපි පියාඹමු’ සංස්කෘතික උළෙල පසුගිය ඔක්තෝබර් 2වැනිදා යාපනය, ඉලංකෙයි වේන්දන් කලා පාසල පරිශ්‍රයේදී අවසන් විය.
එදින සවස පැවැත්වුණු සංගීත සංදර්ශනය සංස්කෘතික උළෙලේ අවසන් අංගය විය. ප්‍රියන් ප්‍රමුඛ ‘යාල් ටියුන්ස්’ සහ කිං රත්නම් ප්‍රමුඛ ‘කිං ඇන්ඩ් ෆ්‍රෙන්ඩ්ස්’ තමිල් භාෂාවෙන්ද, සුදන්ත මාධව ප්‍රමුඛ ‘ස්කිට්සෝ’ සහ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් සිංහල භාෂාවෙන්ද ගීත ගායනා කරන ලදී.
එහිදී යාපනයේ හා දකුනේ තරුණ තරුනියන් එක්ව ප්‍රසංගය රසවින්ද අතර පළමුවරට සිංහල බසින් ගායනා කරන ස්කිෙට්සෝ සහ තමිල් බසින් ගයන කිං ඇන්ඩ් ෆ්‍රෙන්ඩ්ස් කණ්ඩායම් දෙක එක්ව ගායනා ඉදිරිපත් කිරීමද ප්‍රේක්ෂාාරයට ආශ්වාදජනක නව අත්දැකීමක් විය.

සෞන්දර්ය විශ්වවිද්‍යාල කලාකරුවෝ

ස්කට්සො සමග කිං රත්නම්

කිං රත්නම් වේදිකාවේ

සුදර්ශන් සමග මේරියන්

යාල් ටියුන්ස් වේදිකාවේ

ද්විභාෂා නිවේදන කටයුතු වලින් දායක වෙමින්

මාධව සුදන්ත ඇතුළු ස්කිට්සෝ කණ්ඩායම ප්‍රසංග වේදිකාවේ

ප්‍රේක්ෂාගාරයෙන් කොටසක්

