2016 වසරේ ගත වූ මාස 10 තුළදී, ඩෙංගු ආසාදිත බවට සැක කෙරෙන රෝගීන් 44171ක් රටපුරා විවිධ ප්‍රෙද්ශවලින් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
මෙසේ ඩෙංගු රෝගීන් ලෙස සැලකෙන අයගෙන් 50%ක් පමණ වාර්තා වන්නේ, බස්නාහිර පළාතෙනි. ඩෙංගු වසංගතය ගෙනයන මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීම් අවශ්‍යතාව මෙයින් නිසැකව පෙන්නුම් කෙරෙන බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් ඩෙංගු හෝ එවැනි විහේෂ තත්වයක් නිසා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් බවද වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.