අගමැති බොරු කියා කහටගහ කම්කරු අරගලය නවතයි!

දොඩම්ගස්ලන්ද, ගහටගහ පතලේ උපවාසය සම්බන්ධව අගමැතිවරයා මැදිහත්වීමෙන් පසු උපවාසය නතර කිරීමට සේවකයන්ගේ නියෝජිතයන් ලෙස නිදහස් සේවක සංගමය එකගතාවකට පැමිණ තිබේ.

ඊයේ (27) කහටගහ පතලට පැමිණි වෙළෙද හා වානිජ කටයුතු පිලිබද රාජ්‍ය ඇමැති චම්පිකා ප්‍රේමදාස විසින් අගමැතිවරයා සමග කළ දුරකථන ඇමතුමකින් මෙම විසදුම ලබා දී ඇත. එහිදී කහටගහ පතල පෞද්ගලිකකරණය කරන්නට හිතේවත් නැතිබවද ප්‍රතිව්‍යුහගතකරණයක් සිදුවන බවද අගමැතිවරයා ප්‍රකාශ කර ඇත. ඒ අනුව නොවැම්බර් 8වැනිදා කහටගහ පතල් සේවකයන්ගේ ප්‍රශ්න පාර්ලිමේන්තුවේ අවධානයට යොමුකරන බවට චම්පිකා ප්‍රේමදාස විසින් පොරොන්දුවීමත් සමග උපවාසය අවසන් කිරීමට ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය එකග වී ඇත. අද සිට සුපුරුදු පරදි වැඩ කිරීමට සේවකයෝ කටයුතු කළහ. කෙසේවෙතත් ලංකා ග්‍රැෆයිට් ලිමිටඩ් නමින් ඔස්ට්‍රේලියානු සමාගමකට පැවරිමට ආණ්ඩුව කටයුතු කරමින් තිබෙන බව අගමැතිවරයා වසන්කර තිබේ.

දැනටමත් මෙම ගනුදෙනු සිදුකරමින් තිබෙන අතර වසරක් තුළ කහටගහ පතලේ උපරිම නිස්පාදන ධාරිතාවයට ලගාවන්නට ඉලක්ක සහිතව එස්ට්‍රේලියානු මිනිරන් වෙළෙදපොළට ලංකාවේ මිනිරන් සැපයුම්කරුවකු ලෙස මෙම ‘ලංකා ග්‍රැෆයිට්‘ සමාගම ක්‍රියාත්මක වනු ඇත.