බැදුම්කර ගනුදෙනුව ගැන නීතිපතිට කියමු! – අගමැති

පොදු ව්‍යාපාර කාරක සභා වාර්තාව ඉදිරිපත් කිරීම යහපාලන ආණ්ඩුවේ ජයක් බවත් අවශ්‍ය පියවර ගැනීමට නීතිපතිවරයාට යොමු කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ කියයි.

“මා යටතේ තියෙන මහබැංකුවේ මේ වංචාව සිදුව ඇති බව කෝප් වාර්තාවෙන් සදහන් කර තියෙනවා. ඒකට කමක් නෑ. අපි මේක නීතිපතිට යවමු අවශය පියවර ගන්න කියලා. මේක පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න පොරොන්දු වෙච්ච යහපාලන ආණ්ඩුවේ ජයක්!“ අගමැති රනිල් ඊයේ පාර්ලිමේන්තුවේදී එසේ ප්‍රකාශ කළේය.