මන්ත්‍රී වරප්‍රසාද යොදාගෙන කෝප් විමර්ශන පාලනය කිරීමට අගමැති ගත් උත්සාහයක්

අගමැති රනිල් වික්‍රමසිංහ කෝප් කමිටු සභාපතිට එරෙහිව පාර්ලිමේන්තු වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් මහබැංකු බැදුම්කර වංචාව පිළිබද එම කමිටුව විසින් ගෙන ගිය විමර්ශන ක්‍රියාවලියට බාධා කරන්නට ගත් උත්සාහය හෙළි වී ඇත.

අගමැති රනිල් විසින් එවකට කෝප් සභාපති ඩිව් ගුණසේකර මන්ත්‍රීවරයාගේ කටයුතු ගැන පාර්ලිමේන්තු මහලේකම් වෙත පැමිනිලි කරමින් ලියූ ලිපියකින් ඒ පිළිබද තොරතුරු හෙලිව ඇත.

අගමැතිවරයා එම ලිපියේ සදහන් කරන අන්දමට මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහි විශ්වාස භංග යෝජනාවේදී කථානායකවරයා කීවේ දෙසතියකින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි. එහෙත් කෝප් කමිටුව පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් නොකර තව කල් ගත් බවට රනිල් අවලාද නගයි. 2015 ජූනි 26 පාර්ලිමේන්තුව විසුරුවන තෙක් එසේ කාලය ගත් අතර එයින් එම ක්‍රියාදාමය අවසන් විය. ඒ වනවිට හිටපු කෝප් සභාපති ඩිව් ගුනසේකර විසින් ඉදිරිපත් කළේ දල සටහනක් පමණක් නිසා පොදු ව්‍යාපාර කාරක සභාව විසින් එම වාර්තාව ප්‍රතික්ෂේප කළ බවද අගමැතිවරයා පවසයි.

එසේම මේ තත්වය යටතේ කෝප් කමිටු කටයුතු සම්බන්ධව වාර්තා කරන සියලු ජනමාධ්‍ය පාර්ලිමේන්තු වරප්‍රසාද නීතිය උල්ලංඝනය කරන බව එහිදී අගමැතිවරයා සදහන් කරයි. 2015 ජූලි 5 සන්ඩේ ටයිම්ස් පුවත්පත එවැනි වාර්තාවක් පළ කර ඇති බවද රනිල් පවසයි. එහිදී පැය 24ක් තුල වාර්තාවක් සම්මත කිරීමට විරෝධයක් දක්වා තිබිනි. එය කෝප් සාමාජිකයන් නොපැමිණ සිටීම නිසා යැයි සදහන් වුවද එසේ වී ඇත්තේ සාමාජික මන්ත්‍රිවරු පිරිසක් ජනාධිපතිවරයා කැදවූ වැදගත් රැස්වීමකටත් කතවත් අය මැතිවරන රැස්වීම්වලටත් ගිය නිසා බව අගමැති රනිල් පවසයි.

ඩිව් ගුනසේකර මන්ත්‍රීවරයා මෙම කෝප් කමිටු විස්තර ජනමාධ්‍ය වෙත නැවත නැවත හෙළිකරමින් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කර ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මහලේකම්වරයාට පැමිනිලි කර ඇත.