සිරියාව ගැන මොස්කව්හිදී ත්‍රෛපාර්ශවීය සාකච්ඡා 

සිරියාවේ සිවිල් යුධ තත්වය ගැන සාක්ච්ඡා සදහා රුසියාව, සිරියාව, හා ඉරානය යන රටවල විදෙස් අැමැතිවරුන්ගේ සාකච්ඡාවක් මොස්කව් නගරයේදී ඊයේ පවත්වා ඇත.

එම සාක්ච්ඡා සදහා රුසියානු විදෙස් ඇමැති සර්ජි ලැවුරොව්, ඉරාන විදේශ ඇමැති මොහොමඩ් ජාවෙඩ් ෂරීෆ් හා සිරියානු විදේශ ඇමැති වලීඩ් අල් මවුලාන්ය.

මෙම රටවල් තුනේම අදහස වන්නේ ත්‍රස්තවාදයට එරෙහිව සටනේදී සිරියාවට තම සම්පූර්ණ සහාය ලබාදෙන ගමන් එම රටේ ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසදාගැනීම සදහා අවශ්‍ය කරන දේශපාලන විසදුම සිරියානු ජනතාව විසින් ගතයුතු බවයි.

එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් සිරියානු විපක්ෂයට සහාය ලබාදෙමින් එරට විපක්ෂය විසින් මෙහෙයවන සන්නද්ධ කණ්ඩායම්වලට අවි ආයුද සැපයීම මගින් සිරියාවේ තත්වය වඩාත්බ රපතලවී ඇති බවයි.

2011 වසරේ සිට මේ වන විට සිරියානු වැසියන් 4,70,000ක් පමණ මියගොස් ඇතැයිද තවත් ලක්ෂ 19 පමණ තුවාල ලබා ඇත. වසර හය පුරා යුද්ධය නිසා අවතැන්වූ සංඛ්‍යාව සිරියානු ජනගහනයෙන් භාගයක් පමණ වනබවයි.

මේ වනවිට සිරියානු දේශසීමාවලට ලක්ෂ 23කට ආසන්න පිරිසක් අවතැන්ව සිටින අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම විශාල අභියෝගයක්ව ඇතැයිද එහිදී අවධාරණයවී ඇත.