ඉරානයේ සිට තුර්කියට ගෑස් සපයන ප්‍රධාන නලයක් පුපුරුවා හැරීම හේතුවෙන් තුර්කියට ඉරානයෙන් සපයන ගෑස් අත්හිටුවීමට සිදුව ඇතැයි ඉරාන රජය පවසයි.
ඉරාන තුර්කි දේශසීමාවේ නැගෙනහිර ප්‍රදේශය ආසන්නයේ දිවෙන මෙම ප්‍රධාන ගෑස් සපයන නලය අද පුපුරුවා හැරීම හේතුවෙන් මෙම තත්වය උදාවී ඇත. මෙම පුපුරුවා හැරීම පිළිබදව චෝදනාව කුර්දි සටන්කාමීන් වෙත එල්ලවී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
මෙම පිපිරීමෙන් මීටර් 50ක් පමණ උසට ගිනී ජාලා නැගි බව වාර්තාවේ. ඉරානය විසින් මෙම නල මාර්ගායේ තුර්කියට ගෑස් ප්‍රවාහනය කිරීම මෙම පිපිරුම හේතුවෙන් දැනට තාවකාලිකව නවතා ඇත. තුර්කියේ ගෑස් අවශ්‍යතාවයට අනුව ඉදිරියේදී ගෑස් හිගයක් ඇතිවීමටද ඉඩ තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.