පැනමා පේපර් නඩු ඇසීමට පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි
Posted on 10.29.2016 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
ලොවපුරා මහත් ආන්දෝලනයක් ඇති කළ පැනමා පේපර්හි මුදල් යොදවා ඇති බවට පාකිස්ථානු අගමැතිවරයාගේ පවුලේ අය හා තවත් පාකිස්ථානු ජාතිකයින් සම්බබන්ධ බවට චෝදනා නැගී තිබුනි.
මෙම පැනමා පේපර් මුදල් විශුද්ධිකරණය පිළිබදව එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් මුලික විමර්ශනයක් පසුගියදා පාකිස්ථානු ශේ්‍රෂ්ඨාධිකරණය විසින් සිදුකර ඇත.
එයට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු පතර තිබූ අතර ඉදිරි විමර්ශන කටයුතු තවත් පළල්කොට විනිසුරුවන් පස්දෙනෙකුගෙන් සමන් විත ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරැ මඩුල්මැලක්දි පත් කර තිබේ.
මෙතෙක් මුලික වටයේ පැවැති නඩු විමසීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පස් දෙනෙකු පත්කරමින් එළැඹෙණ නොවැම්බර් මස 01 වැනිදා සිට පැනමා පේපර් මුදල් සැගවීම් සම්බන්ධ නඩු සම්පුර්ණයෙන්ම විභාග කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
පසුගිය කාලයේ පැනමා පේපර් හි මුදල් යොදවා ඇති බවට ලාංකිකයන් ගණනාවකගේද නම් ඇතුලත් නාම ලේඛනයක් මාධ්‍ය මගින් හෙළිකර තිබුනි.