අන්තර්ජාල ප්‍රචාර බේද ඇවිස්සීමක් – ශ්‍රීපාද විහාරාධිපති

ශ්‍රී පාද ස්ථානයේ පූජාභූමි ඉඩම් කිසිදු වෙනත් කාර්යකට පවරා නැති බවත් පෞද්ගලික ඉඩමක ඉදිකිරීමක් පිළිබද ජාතිවාදය ඇවිස්සීම ආගම් හා ජාතිවාදය ඇවිස්සීමේ උවමනාවක් බවත් විහාරාධිපති හිමියන් ප්‍රකාශ කරයි.

ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් විහාරාධිපති හිමියන් කීවේ ශ්‍රීපාද විහාරය ගොඩනැගීමේදී වැලිකැටයක්වත් ගෙන එන්නට දයක නොවුවන් මහ රාත්‍රියේ ශ්‍රිපාදයට පැමිණ වෛර සහගත ප්‍රකාශ අන්තර්ජාලය ඔස්සේ ගෙනයාම ගැන අවධානය යොමු කල යුතු බවයි. එය ලොව පුරා බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම්, යුදෙව් ආදී විවිධ ආගමික බැතිමතුන් මෙම ස්ථානයට පැමිණීම වලක්වන ප්‍රචාරයක් බවද ඒ හිමියන් පවසයි.

ශ්‍රීපාදය ආසන්නයේ විවිධ පෞද්ගලික ඉඩම්වල ඉදිකිරීම් සදහා පළාත්පාලන ආයතනවලින් අවසර ගෙන සිදුකරන ඉදිකිරීම් නැවැතීමට අවශය නම් මස්කෙළිය නගරයේත් විවිධ ආගමික හෝ ජාතික අනන්‍යතා ඇති අයගේ වයාපාර ඇති බවද විහාරාධිපති හිමියන් පවසයි. එවැනි බේදවාදී ප්‍රචාර හානිකර බවද උන්වහන්සේ ජනමාධ්‍ය වෙත පවසා ඇත.