රාජ්‍ය නොවන සංවිධාන සතුටුකිරිමට ජාතික ආරක්ෂාව බිලි නොදෙන බවට ජනාධිපතිවරයා පසුගිය 27වැනිදා හමුදා සොල්දාදුවන්ට පදක්කම් පැලදවීමේ උළෙලකදී පැවසීය.
මේක මම පැහැදිලිව කියනවා. සමහර මාධ්‍ය අද පවතින මාධ්‍ය නිදහස දූෂිත කරනවා. මට තෙරම් විරුද්ධ වුණත් මාව කොතරම් විවේචනය කලත් කමක් නෑ, නමුත් මම හමුදා සොල්දාදුවන්ගෙ සිභසාධන වෙනුවෙන් වැඩ කරන්න කැපවී සිටිනවා. ආරක්ෂක අංශවල ගෞරවය හා අභිමානය ආරක්ෂා කල යුතුයි. ලංකාවෙ ඉතිහාසය යුද්ධ, කැරලි අභ්‍යන්තර ගැටුම්වලින් පිරී තියෙනවා. ඒ නිසා හමුදාව ආරක්ෂා කළ යුතු බව ඔහු කියා සිටියේය. එසේම තමන් දුන් නියෝග අනුව හමුදාව ක්‍රියා කළ බවද ඔහු කීය. ලංකාවෙ සොල්දාදුවන් පරාජය කල නොහැකි බවද ඔහු පැවසීය.
මම විවේචනය දරාගන්න පුලුවන් කෙනෙක්. නමුත් රාජ්‍ය නෙකාවන සංවිධාන හා වෙනත් සංවිධානවලට ඕන විදියට වැඩ කරන්න බෑ. අපේ වැඩ ගැන වැරදි අර්ථකතන දෙන අය ආණ්ඩුවේ වැඩවලට අතනොදා සිටියයුතුයි.“ යනුවෙන් ජනාධිපතිවරයා අවධාරනය කර ඇත.