හම්බන්තොට වරාය ආශ්‍රිත කර්මාන්ත හා ආයෝජන කලාපය පාලනය කෙරෙනු ඇත්තේ වෙනම පරිපාලන අධිකාරියක් යටතේ බව අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ(23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අගෝස්තු 14 වැනිදා චීන තානාපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට සහභාගි වෙමින් අගමැතිවරයා ප්‍රකාශ කලේ ‘හම්බන්තොට විශේෂ ආර්ථික කලාපය‘ සදහා ‘ලංකා – චීන ඒකාබද්ධ කමිටුවක්‘ (Sri Lanka-China Joint Committee) සකස් කළ යුතු බවය. චීන ආයෝජන ලංකාවට කැදවාගැනීමේ අරමුනින් ඉදිකෙරෙන හම්බන්තොට කර්මාන්ත කලාපය පිළිබද සියලු කටයුතු එම කමිටුව විසින් අධීක්ෂනය කළ යුතු බව අගමැතිවයා විසින් එහිදී අදහස් දක්වා තිබිණි. එසේම කටුනායක ගුවන්තොටුපළ, කොළම වරාය නගරය, මත්තල ගුවන්තොටුපළ සහ හම්බන්තොට වරාය සම්බන්ධ කරමින් ‘කොළඹ, මහනුවර, හම්බන්තොට තීරයක්‘ (Colombo-Kandy-Hambantota Corridor) යෝජනා කරමින් අගමැතිවරයා අදහස් ප්‍රකාශ ක තිබිණි. චීන තානාපති අතුලු පිරිසක් හම්බන්තොට සංචාරය කරමින් මෙම කර්මාන්ත කලාපයේ කටයුතු සම්බන්ධ මූලික අවබා්ධයක් ඇතිකරගෙන තිබෙන බවද තානාපති කාර්යාලය විසින් නිවේදනය කර තිබිණි.
ඒ අනුව චීනය විසින් ඉදිකරන කර්මාන්ත කලාපය නිර්මාණය කෙරෙනු ඇත්තේ චීන ආයෝජනවලට ප්‍රමුඛත්වය දෙමිනි. චීන ව්‍යාපෘතියක් වන ‘දකුණු කොළඹ වරාය නගරය‘ දැන් මුල්‍ය නගරයක් බවට නාමකරණය කළද ඉදිකිරීමෙන් පසුව එය විශේෂිත පරිපාලන අධිකාරියක් ලෙස වෙනම නීතිමය රාමුවකට යටත් කිරිම සිදුවන බව ආණ්ඩුව පසුගියදා ප්‍රාකශ කර තිබිණි. ඒ අනුව, හම්බන්තොට යෝජිත ආයෝජන කලාපයේ පාලනය ද වෙනම නීතිමය රාමුවක් යටතේ පාලන අධිකාරියක් යටතට පත් කරනු ඇත. පසුගිය චීන සංචාරයේදී ඇතිකරගත් එකගතා අනුව මෙසේ හම්බන්තොට අක්කර හයදහසක ආයෝජන කලාපයක් බිහිකිරිමේ ව්‍යාපෘතිය චීනය වෙත පවරමින් පසුගියදා ආන්ඩුව විසින් ගිවිසුම් අත්සන් කර ඇත. ඒ අනුව, කොළඹ වරාය නගරය, මත්තල ගුවන්තොටුපළ, පොලොන්නරුව ජල සම්පාදන ව්‍යාපෘතිය සහ ෂැන්ග්‍රි ලා හෝටල් ව්‍යාපෘතියට අමතරව හම්බන්තොට කර්මාන්ත කලාපය චීන ව්‍යාපෘති ලෙස ක්‍රියාත්මක වේ.