ඊයේ අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ දේහය සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලෙන් සිට එරට ශ්‍රී ලංකා තානාපති නිල නිවසට ගෙනගොස් එහිදී එරට වැඩ වෙසනෙ ලංකාවේ මහා සංඝරත්නය හා එහි ගිය මහා සංඝරත්නය ඇතුළු දායක සභාවේ සාමාජිකයන් සිංගප්පූරුවට ගොස් ඒහිමිගේ දේහය ගෙනඒමට අවශ්‍ය කටයුතු කළහ.
අපවත්වී වදාල සෝභිත නාහිමියන්ගේ දේහය ඊයේ රාත්‍රියේ යූඑල් 309 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් දිවයිනට වැඩමවනු ලැබූ අතර මිට මද වේලාවකට පෙර රිය පෙරහරකින් කෝට්ටේ ශ්‍රී නාග විහාරයට වැඩම කරවනු ලැබීය.
පසුගියදා මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේවෛද්‍ය ප්‍රතිකාර ගැනීමෙන් පසුව තත්වය තවදුරටත් අයහපත් වීමෙන් පසුව මාදුළුවාවේ සෝභිත හිමිව සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ඇත්ලත් කිරීමට කටයුතු කර තිබුනි. නමුත් එහි ප්‍රථිකාරවලින්ද උන් වහන්සේගේ රෝගී තත්වය සුවපත් කිරීමට අසමත් වූ අතර ඊයේ උන් වහන්සේ සිංගප්පූරුවේ පිහිටි එම රෝහලේදී අපවත් විය.