පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් 2012 අප්‍රේල් 7 දින පැහැරගත්තේ තමන් විසින් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සත්ජය පුවත්පතට කල ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් 2015.11.07 දින කොළඹ මරදානේ සමාජය හා සාමයික කේන්ද්‍රයේදී පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවේදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා දැක්වූ අදහස්.
2015.04.07 දින කුමාර් ගුණරත්නම් සහෝ්දරයා සහ දිමුතු ආටිගල සහෝදරිය පැහැර ගැනිමට රාජ්‍ය ආරක්ෂක අංශ සහ රාජ්‍ය බුද්ධි අංශ සම්බන්ධ බව අපේ පක්ෂය ඉතා පැහැදිලිවම එම පැහැර ගැනීම සිදු වූු අවස්ථාවේම ප‍්‍රකාශ කළා. බලහත්කාරයෙන් පිටුවහල් කලාට පසුව විදේශයේ සිට කුමාර් ගුණරත්නම් සහෝදරයා ස්කයිප් තාක්ෂණය ඔස්සේ ලංකාවේ මාධ්‍යවේදීන් අමතමින් තමන් පැහැර ගැනීමට රාජ්‍ය ආරක්ෂක අංශ සම්බන්ධ බවට ප‍්‍රබල සාක්ෂි තිබෙන බව ප‍්‍රකාශ කලා.
නමුත් එවකට පැවැති ආණ්ඩුව හැමවිටම ඒ බව ප‍්‍රතික්ෂේප කලා. දැන් එම ආණ්ඩුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රසිද්ධියේ මාධ්‍ය ඉදිරියේ කුමාර් ගුණරත්නම් පැහැර ගත්තේ තම අනුදැනුම ඇතිව ආරක්ෂක අංශ සාමාජිකයන් විසින් බව කියනවා.ඒ ස`දහා ඔවුන්ට සහය දුන් වෙනත් දේශපාලන පක්ෂ ගැනත් කියනවා.මෙයින් ප‍්‍රකාශ වෙන්නේ එවකට සිදු වූ සුදු වෑන් පැහැරගැනීම්,ලලිත්-කූගන් -එක්නැලිගොඩ වැනි වෙනස් අදහස් දැරූ පිරිස් අතුරුදහන් කිරීම්වලට හා මරා දැමීම්වලට එවකට පැවැති ආණ්ඩුවේ ආරක්ෂක අංශවල පැවැති සම්බන්ධතාවයයි.
පොලීසියට වැඩක්
කුමාර් ගුණරත්නම් සහෝදරයාපැහැරගැනීම පිළිබදව ඔහුගේ නෑදෑයින් පිළියන්දල පොලීසියටත්,අපේ පක්ෂය පොලිස් මූලස්ථානයටත් පැමිණිලි කලා. එහෙත් කිසිදු පරීක්ෂණයක් සිදු වූයේ නැහැ.පොලීසිය පැවසුවේ පරීක්ෂණ කිරීම සදහා කිසිදු තොරතුරක් නොමැති බවයි.
දැන් අපි පොලිසියට කියන්නේ ඔන්න වග උත්තරකරුවන් ඉදිරියට ඇවිල්ලා ඉන්නවා.ඔවුන් එම පැහැර ගැනීම තමන් කල බවත්, එයට අනුබල දුන්නේ කවුරුන්ද යන්නත් ඉතා පැහැදිලිව පවසා සිටිනවා.දැන් පොලීසිය කල යුතු දේ කල යුතුයි.
යහපාලනය
පෙර පැවැති ආණ්ඩුව මෙන් පැහැර නොගෙන , කුමාර් ගුණරත්නම් නීත්‍යාණුකූලව අත්අඩංගුවට ගත්තේ දැන් යහපාලනය පවතින නිසා බවක් ආණ්ඩුවේ ඇමැතිවරයෙක් වන පාලිත රංගේබණ්ඩාර පවසනවා.
කලින් අවනීතියෙන් කල දේම දැන් ඔවුන්ගේම නීති අනුව කෙරෙමින් තිබෙනවා. ආණ්ඩුව එක්ක සම්මුතිගත නොවන ආණ්ඩුව ඉස්සරහ දණ නොගසන විරුද්ධ අදහස් දරණ මිනිසුන් මර්දනය කරනවා යන්නද මේ කියන්නේ.
මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පසුගිය කාලයේ තිබුනේ කොහේද , දැන් තියෙන්නේ කොහේද යන්න පෙන්වන හො`දම උදාහරණයක් මේ සිද්ධියෙන් ලැබෙනවා.
රාජිත සේනාරත්න ඇමැතිවරයා කියනවා කුමාර් ගුණරත්නම් ලංකාවේ සිටියත් නැතත් එය ඔහුට අදාල නැති බවත් කුමාර් ගුණරත්නම් ලංකාවේ ඉන්න කැමැති නම් ඒ සදහා උදව් කිරීමට ඔහු සූදානම් බවත්. අපි දේශපාලනය කරන්නේ රාජිතලාට අදාල නිසා නෙවෙයි, පීඩාවට පත් ජනතාව වෙනුවෙනුයි.
අපි ඉල්ලන්නේ අපේ අයිතියයි.
ලංකාවේ ඉපදුන කෙනෙකුට ලංකාවේ දේශපාලනය කිරීෙමි අයිතියත්, ලංකාවේ ජීවත්වීමට ඉල්ලා සිටින අයට ඒ සදහා අයිතියත් ලැබිය යුතුයි. ආණ්ඩුවේත් රාජිතලාගේත් උදව් අපට අවශ්‍යය නැහැ.අපි ඉල්ලන්නේ අපේ අයිතියයි.
ලංකාවේ දේශපාලනය කල, මර්දනය නිසා රටෙන් පිටවීමට සිදු වූ හැමෝටම මෙරටට පැමිණ දේශපාලනය කිරීමට ඇති අයිතිය මේ ආණ්ඩුව පිළිගත යුතුයි. කුමාර් ගුණරත්නම්ට පමණක් නෙවෙයි විරුද්ධ මත දරණ විශාල පිරිසකට අද දවසේ අත් වී ඇති ඉරණමත්,හෙට දවසේ අත්විය හැකි ඉරණමත් මේ අයිතිය පිළිගැනීම හෝ පිළිනොගැනීම අනුව තීන්දු වෙයි.
වාමාංශික හෘද සාක්ෂිය
කුමාර් ගුණරත්නම් සහෝදරයා පැහැරගෙන දේශපාලනයෙන් ඉවත් කිරීම සදහා ජවිපෙ අනුර දිසානායක ඇතුඑ නායකයින්ට විශාල උවමනාවක් තිබූ බවත්, ඊට අදාල ඡුායාරූප ඔවුන් විසින් තහවුරු කරදුන් බවත් ,ගෝඨාභය රාජපක්ෂ පවසනවා. සැබැවින්ම එය එසේ සිදු වී ඇත්නම්, එය ජවිපෙ හෘද සාක්ෂිය පිළිබද ප‍්‍රශ්නයක් මිස අපේ ප‍්‍රශ්ණයක් නොවෙයි. තමන් වාමාංශික ව්‍යාපාරයක් යැයි කියා ගන්නා පක්ෂයක් ලෙස ජවිපෙ කෙතරම් පිරිහීමකට ලක්වෙලාද, විනාශ වෙලාද කියලයි සැබෑ වාමාංශික හෘද සාක්ෂියක් ඇති ජවිපෙ සාමාජිකයින්ට හිතන්න තියෙන්නේ.
අපේ වෙනස්කම්
පසුගිය ජනාධිපතිවරණයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලනතාවට වග කියන දේශපාලන පක්ෂයක් ලෙසත්, වාමාංශික දේශපාලන පක්ෂයක් ලෙසත් , දුමින්ද නාගමුව සහෝදරයා වමේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කලා.වෙනත් වාමාංශික පක්ෂ හා කණ්ඩායම් සමග සහයෝගයෙන් වැඩ කිරීමේ අපේ හැකියාවත් ප‍්‍රායෝගිකවම පෙන්වා දී තිබෙනවා.
නමුත් ජවිපෙ ජනතාව අතර රැුල්ල නැගෙන විදිහ අනුව මෛත‍්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටියේ ජනතාවට තුන් තේරවිලි ඉදිරිපත් කරමිනුයි. ඒ අනුව බැලූවත් අප වෙනස් දේශපාලන ධාරාවන් දෙකක් බව තහවුරු වෙනවා.
අපේ ප‍්‍රතිපත්ති හා ක‍්‍රියා මාර්ග අතර පු`එල් වෙනස්කම් තියෙනවා.මේවා එකක්වත් පුද්ගලික ගැට`එ නෙවෙයි.ඒත් අපට හැගෙන්නේ නැහැ එම වෙනස්කම් සතුරා ඉසිරියට ගිහින් පාවාදීමක් කරන්න,මිනී මරන්න ඔත්තු දෙන්න තරම් හේතුවක කියලා.
ලෝකයේ වාමාංශික පක්ෂ අතර වෙනස්කම් ගැටුම් තිබුනු අවස්ථා ඇතත්, පංති සතුරාට තම වාමාංශික සගයන් පාවා දුන් අවස්ථා ඉතාමත්ම විරලයි.
මේ සම්බන්ධව ජනතාවට වග උත්තර බැදීම හා ජනතාවට වගකීම ජවිපෙ වැඩක්.
මෙම මාධ්‍ය සාකච්ඡුාවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව සහෝදරයාද සහභාගී විය.

