මාතලේ සමූහ ඝාතනය හා එයට සම්බන්ධව දැනට හෙළිව ඇති තොරතුරුවලට අනුව විදිමත් පරීක්ෂණ ඉදිරියට කරගෙන යන ලෙස බලකරන උද්ඝෝෂණයක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ඊයේ මාතලේ නගරයේදී පැවැත්විනි.
මාතලේ රෝහල් බිම ආසන්නයේ කළ කැණීමකදී හමුව තිබෙන මිනිස් ඇටසැකිලි 100කට වැඩි පිරිසකට අයත් පුද්ගලයන්ට යුක්තිය ඉටුවිය යුතු බවත් ඒ වගේම 1987-1990 යන වකවානුවේදී මාතලේ දිස්ත්රික්කය පුරා අතුරුදහන් කරන ලද දහස් ගාණකට මේ වන තෙක් යුක්තිය හෝ සාධාරණත්වය ඉටු නොවූ බවත් මෙහිදී උද්ඝෝෂකයන් පවසා තිබුනි.
වත්මන් පාලකයන් බලයට පත්වූයේද පසුගිය කාලයේ එසේ අතුරුදහන් කරන ලද හා පැහැරගන්නා ලද අයට සාධාරණයක් ඉටු කරන බව කියා බවත් නමුත් බලයට පැමිණ මාස ගණනාවක් ගතව ඇතත් මාතලේ සමූහ ඝාතනවලට අදාලව මේ වන විටත් කිසිවක් සිදුනොකරන නිසා එයට එරෙහිව මෙම උද්ඝෝෂණය අද දින කරන බවත් ඔවුන් පවසා ඇත.
