පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කමිටු සාමාජිකයන් වන දිමුතු ආටිගල සහෝදරිය සහ කුමාර් ගුනරත්නම් සහෝදරයා 2012 අප්‍රේල් මාසයේදී පැහැරගැනීම ගැන මින් පෙර පොලිස් මූලස්ථානයේ පැමිනිලි කරන ලදී. එහෙත් එහිදී සටහන් කෙරුණේ පැහැරගැනීම ආසන්න අවස්ථාවේ තත්වයයි. එනම්, ඔවුන් පිළිබද කිසිදු තොරතුරක් නොමැති බවය.
ඉන්පසුව ඔවුන් නිදහස් කරන්නට පැහැරගත්තවුන්ට සිදු විය.
පසුගියදා හිටපු ආරක්ෂක ලේකම් විසින් කළ ප්‍රසිද්ධ ප්‍රකාශයත් සමග රාජපක්ෂ ආණ්ඩුවේ නිල ආරක්ෂක සේවාවලින් එම පැහැරගැනීම සිදුකර ඇති බව සනාථ විය. එම නිසා එම පැහැරගැනීමේ සිදුවීමේ වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන ලෙස හා රාජපක්ෂ පාලන සමයේ එවැනි ඉරණමකට ගොදුරුවූවන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට කටයුතු කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් අද දින පොලිස් මූලස්ථානයේ පැමිනිල්ලක් සටහන් කරන ලදී.
මෙම ඡායාරූපවලින් දැක්වෙන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කමිටු සාමාජිකයන් වන චමීර කොස්වත්ත සහ දුමින්ද නාගමුව සහෝදරවරුන් එම අවස්ථාවට සහභාගි වූ ආකාරයයි.
