තැන්නේ ඤාණානන්ද හිමි විසින් ලියන ලද තෙවැනි කාව්‍ය සංග‍්‍රහය වන ‘‘රස්තියාදු සාදු’’ කෘතිය එළිදැක්වීම අද දින කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී සවස 2.00ට සිදු කරනු ලබයි.
මෑත කාලයේ තැන්නේ හිමියන් ලියූ සහ පුවත්පත් වල පළවූ කවි හැට
අටක එකතුවක්, ගොඩගේ ප‍්‍රකාශනයක් ලෙස මෙහිදී එළි දැක්වේ. කෘතිය තුළ ආගම, දේශපාලනය, ආදරය, ලිංගිකත්වය ප‍්‍රස්තුත වූ කවි අන්තර්ගතය. එදින රස්තියාදු සාදු පිළිබද දේශන දෙකක්ද සිදු කිරීමට නියමිත බව වාර්තාවේ. එම දේශන දෙක සදහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ හා ධනුෂ්ක ගනේගොඩ සිදුකිරීමට නියමිතව ඇත.