26 වැනි ඉල්මහ විරු සමරුව නුගේගොඩදී

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් 26 වැනි ඉල් මහ විරු සමරුව “ඔබ මියගොස් නැත“ යන තේමාව යටතේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදී හෙට (13) සවස 3.30 පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි එම පක්ෂය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

මෙවර ඉල්මහ සමරු වැඩ සටහන නොවැම්බර් මාසය පුරාම දියත් කිරීමට එම පක්ෂය කටයුතු කර තිබේ. “මේ විරුවන්ගේ මාසය“ ලෙස නම් කර නොවැම්බර් මාසය ආරම්භයේදීම රට පුරා පොස්ටර් ව්‍යාපාරයක්ද එම පක්ෂය දියත් කොට තිබුනි.

ප්‍රාදේශීය වශයෙන් මේ වන විට ඉල්මහ විරු සමරු රාශියක් රට පුරා විවිධ ස්ථානයන්වල පැවත්වීමට  කටයුතු කර ඇතැයිද පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැඩිදුරටත් පවසයි.