නීතිය හා සාමය ඇමැති ලෙස සාගල රත්නායක ද බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති ලෙස ඩී.එම්.ස්වාමිනාදන් ද අද දහවල් ජනපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ ජනපති ලේකම් කාර්යාලයේදී අද දිවුරුම් දී තිබේ.
පසුගියදා ඉල්ලා අස්වූ නීතිය සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිවරයාවූ තිලක් මාරපනට ඇවන්ගාඩ් වංචාව ගැන සිදුකළ පාර්ලිමේන්තු කතාව හේතුවෙන් පසුව ඇතිවූ බලපෑමෙන් සිය ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සිිදුවිය.
ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ පාවෙන අවි නැව් සම්බන්ධ සිද්ධිය මත ඉල්ලා අස්විමට සිදුවූයේ ඔහු සිය නීතිඥ සහාය එම සමාගම වෙත ලබාදෙමින් එම සමාගම ආරක්ෂා කරන බවට වන චෝදනාව හේතුවෙනි.
කෙසේ වෙතත් වත්මන් යහපාලන ආණ්ඩුවේ අමාත්‍යවරු ගණනාවක් එම සමාගමේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන බවට චෝදනාවක් මතුව ඇති බව පසුගිය කැබිනට් මණ්ඩලයේදී පවා කතාබහට ලක්ව ඇතැයි වාර්තාවේ.