නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යාමට පෙර සීපා ගිවිසුම සම්බන්ධව කිසිවක් කතා නොකරන බව ජනතාවට කී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා එම ගිිවිසුම ලබන වසරේදී අත්සන් කිරීමට ඉන්දීය අගමැතිවරයාට පොරොන්දු වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. economictimes.indiatimes.com වෙබ් අඩවිය වාර්තා කරන්නේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ පැවැති සාකච්ඡුාවලදී මේ වසර තුළදී ගිවිසුම පිළිබඳ ප්‍රතිපත්තිමය එකඟතා ඇති කර ගැනීමටත් ලබන වසරේදී එය අත්සන් කිරීමටත් සාකච්ඡුා කර තිබෙන බවයි.
දෙදෙනා එක්ව පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡුාවේදී නරේන්ද්‍ර මෝදි පවසා තිබෙන්නේ ඉන්දියානු ආර්ථිකයේ ශක්තිමත් පංගුකාරයකු වීමට ලංකාවට හැකියාව තිබෙන බවයි. ලංකාවේ යටිතල පහසුකම්, ප්‍රවාහන සහ බලශක්ති ක්ෂේත්රවලට සම්බන්ධව වැඩිපුර මැදිහත්වීමට බලාපොරොත්තු වන බවද ඉන්දීය අගමැතිවරයා පවසා තිබේ.
රනිල් වික්‍රමසිංහ ඉන්දියාව බලා පිටත්වීමට පෙර සිටම සීපා ගිවිසුමට එරෙහි විරෝධයක් එල්ල විය. මෙම විරෝධතාවලට ප්‍රතිචාර ලෙස රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැති මලික් සමරවික්‍රම මඟින් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, සීපා ගිවිසුම අත්සන් නොකරනවා පමණක් නොව මෙම සංචාරයේදී ඒ පිළිබඳව සාකච්ඡුා කරන්නේද නැති බවයි.
කෙසේවෙතත් ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසන්නේ ‘සීපා’ නම සම්බන්ධයෙන් ලංකාව තුළ දැවැන්ත විරෝධයක් ගොඩනැඟී ඇති බැවින් එම ගිවිසුම සංශෝධන කිහිපයක්ද සමඟ වෙනත් නමකින් අත්සන් කිරීමේ සූදානමක් පවතින බවයි.