නිදන් හෑරීමට සම්බන්ධ මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති බාරවෙයි

police

මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති වශයෙන් කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ජූඩ් ලෙව්කේ දිසානායක ඊයෙ සවස නීතිඥයෙකු මාර්ගයෙන් කොළඹ විශේෂ පොලිස් මෙහෙයුම් ඒකකයට බාර වී ඇත.

පසුගියදා වව්නියාව ප‍්‍රදේශයේ නිදන් හෑරූ ව්‍යාපාරිකයින් පිරිසක් අත් අඩංගුවට ගැනීමට යාමේදී මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් එම පිරිස අත්අඩංගුවට ගැනීම වළකාලීමට කටයුතු කර තිබුනි.

මේ හේතුවෙන් එම මෙහෙයුමට සහභාගීවු පොලිස් නිළධාරීන් විසින් ඒ පිළිබදව පොලිස්පතිවරයා දැනුවත් කිරීමෙන් පසුව නිදන් හෑරීම සම්බන්ධයෙන් පොලීසිය විසින් අත් අඩංගුවට ගැනීමට සූදානමින් සිටින විට මොහු අතුරුදන්ව ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුනි.

ඉහත සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සදහා ඔහුව පොලිසියට අවශ්‍යව තිබිණි. පසුව ඔහු අතුරුදහන්වීම හේතුවෙන් රටින් පිටවීමට නොහැකිවන ලෙස අධිකරණයෙන් තහනම් නියෝගයක්ද පොලීසිය මීට පෙරගෙන තිබුනි.

පසුගිය දින කිහිපයේම ඔහු පොලිසිය මග හැර සිටි හෙයින් පොලීසිය වරෙන්තුවක් ගැනීමට සුදානමින් සිටියදී ඊයේ පොලීසියට බාරවී තිබුනි.

ඊයේ පොලිසියට බාර වු මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති ජූඩ් ලෙව්කේ දිසානායක ලබන 23 දා තෙක් රිමාන්ඩ් කරණ ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා නියෝග කර ඇත.

නිදන් හෑරීම සම්බන්ධයෙන් චෝදනා ලබා මේ වනවිට රිමාන්ඩ් බාරයේ සිටින සිය මිතුරු ව්‍යාපාරිකයින් පිරිසද එදින වව්නියාව උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තාවේ.

Leave a Reply