සීනි මිල වැඩිවේ- ප්ලේන්ටියත් නගී 

suger

මෙතෙක් රුපියල් 84කට අලෙවි කරනු ලැබු සීනි කිලෝග‍්‍රෑමක තොග මිළ රුපියල් අටකින් ඉහළ නැංවීමට සිදුවන බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඒ අනුව සීනි කිලෝග‍්‍රෑමයක නව තොග මිලරුපියල් 92 දක්වා ඉහල යනු ඇත. අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය තවදුරටත් පවසන්නේ සීනි සදහා පනවා තිබෙන කිලෝග‍්‍රෑමයකට රුපියල් 30ක් වන ආනයනික බද්ද ඉවත් කරන බදු සංශෝධනයක් සහ රුපියල් 84ක පාලන මිල ඉවත් කිරීම හරහා සහනයක් දෙන ලෙස තම සංගමය මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බවය.

හෝටල් හිමියන් සඳහා ආණ්ඩුව නියම කර ඇති කිරි තේ එකක් සඳහා රුපියල් 25ක්‌ සහ ප්ලේන්ටියක් සඳහා රුපියල් 10 ක්‌ වන පාලන මිල සීමා මේ මිල ඉහල යාමෙන් පසු වලංගු නොවන අතර ඒවායේ මිලද ඉහල යනු ඇත.