මිලියන 125 ක අල්ලස් ලබාගත් රේගු නිලධාරීන් තිදෙනාට ඇප

custam2

මිලියන 125 ක අල්ලස් ලබාගත් රේගු නිලධාරීන් තිදෙනාට ඊයේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබාදී ඇත. එම ඇප ලබාදී ඇත්තේ එක් අයෙකුට මුදලින් රුපියල් ලක්ෂයක් හා මිලියන පහක් වන පුද්ගල ශරීර ඇප කොන්දේශිය යටතේ එක් අයෙකු වෙනුවෙන් නියම කරමිනි.

ඒ අතර සෑම මසකම අවසන් ඉරිදා දින අල්ලස් කොමිසමේ පෙනීසිටින ලෙසද එම ඇප කොන්දේශිවලට අයත් බව අධිකරණ ආරංචි මාර්ග පවසයි. පසුගිය ඔක්කෝබර් මස 15 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් මෙම රේගු නිලධාරීන් තිදෙනා අල්ලස් ලබා ගැනීමේ යෙදී සිටින විට අත්අඩංගුවට ගෙන තිබුනි.

මෙසේ අත්අඩංගුවට ගෙන මේ දක්වා රිමාන්ඩ් බරයේ සිටියේ රේගු අධිකාරී සුජීව පරාක්‍රම ජිනදාස, නි‍යෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක, සහකාර රේගු අධිකාරී එම්.ඩී.යූ.ජී. පෙරේරා යන රේගු නිලධාරීන්ය.

බොහෝ රාජ්‍ය ආයතනවල නොයෙක් ආකාරයේ අල්ලස් ගැනීම් හා විවිධ දේශපාලන සම්බන්ධතා හරහා නොයෙකුත් වංචා දූෂණ සිදුවන අතර මෙවැනි අතිවිශාල අල්ලස් ලබා ගැනීමක් එම මොහොතේම  අල්ලා ගත් ප්‍රථම අවස්ථාව මෙය වේ.