මහින්ද රාජපක්ෂ සන්නස් මගින් අලි පැටවුන් ලබාදීම උසාවියට

cort oder

හිටපු ජනාධිපති මහින්ද රාජක්ෂ විසින් සන්නසක් මගින් තම සොයුරු ගෝඨාභය රාජපක්ෂට හා තවත් දෙදෙනෙකුට අලි පැටවුන් හතර දෙනෙකු ප‍්‍රධානය කර ඇති බව ඊයේ අධිකරණය හමුවේ හෙළීව තිබේ.

එසේ හෙළිව ඇත්තේ කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය වෙත ජෙෂ්ඨ රජයේ නීතිඥ දිලිප පීරිස් විසින් කළ දැනුවත් කිරම නිසාය. පසුගිය කාලය පුරා විවිධ ස්ථානවල එසේ නීති විරෝධීව රදවා සිටි අලි පටවුන් 20 දෙනෙකු පමණ ඉදිරි සති දෙක තුල අත් අඩංගුවට ගැනීමට නියමිත බව රජයේ නීතිඥ දීලිප පීරිස් ඊයේ අධිකරණයේදී වැඩිදුරටත් පවසා ඇත.

නීතිපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත්කළ අලි පැටවුන් ලග තබාගැනීමේ නාම ලේඛනයේ පහත සදහන් අයගේ නම්ද ඇතුලත් විය.

අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ, කොළොන්නාවේ සුමංගල හිමි, බ්‍රාහ්මණවත්තේ රතනසාර හිමි, උඩුවේ ධම්මාලෝක හිමි, බස්නාහිර පළාත් හිටපු විපක්ෂ නායක කිත්සිරි කහටපිටිය ඇතුළු 11 දෙනෙකුගේ නම් අධිකරණයට ඉදිරිපත් කර තිබුනි.

පසුගිය කාලයේ මෙරට නීති විරෝධි මහා පරිමාණ අලි පැටවුන් ජාවාරමක් පවත්වාගෙන යමින් තිබුනි. මේ වන විට අලි රෝෂාන් ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවේ. ඔහුට එරෙහිව අලි පැටවුන් නීති විරෝධීව කැළයෙන් අල්ලාගෙන විත් අතිවිශාල මුදලකට විකිණීයැයි චෝදනා එල්ල වී තිබේ.

ඒ සම්බන්ධව විවිධ අවස්ථාවලදී මෙරට වනජීවීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පරිසර සංවිධන හා වෙනත් සිවිල් සංවිධාන හඩ නගනු ලැබීය. රාජපක්ෂ පාලන සමය තුලදී මෙම තත්වය බරපතල ලෙස සිදුකරමින් පැවතුනි. මෙම හෙලිදරවුවීමෙන් පෙනෙන්නේ අලි පැටවුන් සන්නස් මගින් තම සහෝදරයාට හා තම හිතවතුන්ට ලබාදී ඇති බව තහවුරුව තිබේ. මෙසේ හෙලි නොවුණු අලි පැටවුන් ජාවාරමේ තවත් සිදුවීම් රාශියක් ඇත. පසුගිය රාජපක්ෂ පාලනයේ ඉහළම සම්බන්ධතාවය මෙයින් යම් පමණකට හෙළිව ඇති බවද නොසලකා හරින්ට නොහැක.