සිසුන් මහපාරට දමා-බලධාරීහු නිදති

2016.04.23-saitm-sathyagraha

නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය සුරකින ලෙසත් මාලඹේ SAITM පොද්ගලික උපාධි ආයතනය වසා දමන ලෙසත් ආණ්ඩුවට බලකරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහ වයාපාරයට දින 90 ඉක්මවා ඇත.

රාගම හා කරාපිටිය වෛද්‍ය සිසු සිසුවියන් විසින් ආරම්භ කළ සත්‍යග්‍රහයන්ට අදට දින 92ක් වේ. එසේම උතුරු කොළඹ ශික්ෂණ රෝහල ඉදිරිපිට රාගම වෛද්‍ය පීඨ සිසුන් ආරම්භ  අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 92කි.

මේ අතර සම සෞඛ්‍ය සිසුන් ආරම්භ කල අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 42ක් /තව ඇත. ඔවුන්ගේ ඉල්ලීම් වන්නෙ, සම සෞඛ්‍ය හෙද සිසුන්ගේ විභාග අයිතිය තහවුරු කිරීම, සම සෞඛ්‍ය ශිෂ්‍ය කප්පාදුව නවතා පුරප්පාඩු වහා සම්පූර්ණ කිරීම, ශිෂ්‍ය මර්දනය නතරකිරීම සහ සම සෞඛ්‍ය පීඨයක් ස්ථාපිත කිරීමය.

මෙම සත්‍යග්‍රහ කිරීම දක්වා විවිධ විශ්ව විද්‍යාලවල සිසුන්ට පැමිණීමට සිදුව ඇත්තේ මින් පෙර වසර ගණනාවක් ඔවුන් විසින් වාචිකවත්, ලිකිතවත් ඔවුන් විසින් බලදාරින්ට කළ ඉල්ලීම්වලට කිසිදු සක්‍රිය ප්‍රතිචාරයක් දක්වා නැති නිසාය. වරින්වර සිසුන් සාකච්ඡාවලට කැදවා බොරු පොරොන්දු දෙන ලද නමුත් විධිමත් ලෙස විශ්ව විද්‍යාල පද්ධතියේ ගැටලු විසදන්නට පාලකයන් කටයුත= කර නැති බව සත්‍යග්‍රහයේ යෙදී සිටින ශිෂ්‍ය ක්‍රියාකාරීහු විශ්ව විද්‍යාලවල හා ආණ්ඩුවේ අධ්‍යාපන බලධාරින්ට චෝදනා කරති.

2016.04.23-AHS-sathyagraha

Leave a Reply