මේ දිනවල උණුසුම් කාලගුණය මධ්‍යයේත් යුද්ධයෙන් අනාථ වුවන් අතර දේශපාලන උණුසුම දැල්වේ. ග්‍රීක- මැසිඩෝනියානු දේශ සීමාවේ පිහිටි සිරියානු සරණාගතයන්ගේ අවතැන් කඳවුරක මේ ඇවිලෙන්නේ කුමන ගින්නද? කාලගුණයේ ගින්නද, දේශපාලන ගින්නද, අධිරාජ්‍යවාදයේ පීඩාවේ ගින්නද, අධිරාජ්‍යවාදී යුද්ධයේ ගින්නද?මොන ගින්න වුවත් එයින් දැවෙන්නේ වැඩකරන පන්තියේ ජනතාවයි.