සජින් වාස් මෛත්‍රීට එක්වෙයි

2016.04.24.sajin

ඉකුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළ සහ බරපතල මහජන මුදල් දුෂණ පිළිබඳව චෝදනා වලට ලක්වූ වූ හිටපු පා.ම සජින්ද වාස් ගුණවර්ධන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග වේදිකාවට ගොඩ විය.

ඊයේ (23) ශ්‍රීලනිප අම්බලන්ගොඩ ආසන බලමණ්ඩල රැස්වීමේදී ඔහු එසේ ජනාධිපතිවරයා වෙත සහය පළ කරමින් එක් විය. ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන අයථා පරිහරණය කළැයි චෝදනා ලබා සජින් වාස් රිමාන්ඩ් කර සිටි අතර මේ ආණ්ඩුවට පක්ෂ බවට සංඥාවක් ලබා දීමෙන් අනතුරුව ඇප මත නිදහස් විය. දුෂිතයන්ට දඬුවම් දීම වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන පොරොන්දුවක් වුවත් මේ වනතුරු කිසිවෙකුට දඬුවම් ලබා දී නැත. සජින් වාස් වැන්නන් සම්බන්ධයෙන් ආරම්භ කරන ලද පරීක්ෂණද අතරමග නතරවී තිබේ.

Leave a Reply